බැට් එක කඩුල්ලේ වැදුනත් හිට් විකට් නෑ, IPL පළමු තරගයේ වූ සිද්ධිය සමාජ මාධ්‍ය කළඹයි

ජයග්‍රාහණයකින් 2025 අයි.පී.එල් ගමන අරඹන්නට රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායමට ඊයේ (22) අවස්ථාව හිමි වුණා.

ඒ, මෙවර තරගාවලියේ ආරම්භක තරගයේ දී පසුගියවර ශූරයින් වූ කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම සමඟ පැවති තරගය කඩුලු 07කින් ජයග්‍රහණය කරමින්.

මෙම තරගයේ පළමුව පන්දුවට පහර දුන් කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම ලකුණු 174ක් කඩුලු 08ක් දැවී ලබාගත් අතර, බැංගලෝර් කණ්ඩායමට හිමි වූ ලකුණු 175ක ඉලක්කය පන්දුවාර 16යි පන්දු 02ක් තුළ කඩුලු 03ක් පමණක් දැවී පසුකර යමින් තරගය ජයග්‍රහණය කළා.

මේ අතර මෙම තරගයේ කොල්කටා ඉනිමේ ආරම්භක පිතිකරු සුනිල් නරේන් මුහුණ පෑ සිදුවීමක් පිළිබඳව මේ වනවිට සමාජ මාධ්‍ය තුළ දැඩි කතාබහක් මතුව තිබෙනවා.

ඔහුගේ ඉනිම අතරතුර, කඩුල්ලේ පිත්ත වැදී බේල්ස් හදිසියේම ඉවත්වනවා.

මේ පිළිබඳව බැංගලෝර් කණ්ඩායම කුතුහලයට පත්වන අතර, එම සිදුවීම විනිසුරුවරුන් නැවත විමසීමට කටයුතු කරනවා.

කෙසේ වෙතත් සුනිල් නරේන් නොදැවුණු ක්‍රීඩකයෙක් ලෙස විනිසුරුවරුන් නම්කරන අතර, එහිදී විනිසුරුවරුන් පවසා සිටියේ නරේන්ගේ පිත්ත කඩුල්ලේ වදින අවස්ථාවේ පන්දුව ක්‍රියාත්මක වෙමින් නොතිබූ (සජීවී තත්ත්වයේ) බවයි.

ඒ, අනුව නරේන් නොදැවුණු ක්‍රීඩකයෙක් ලෙස නම්කළ අතර, එම සිදුවීම සිදුවන අවස්ථාවේ පන්දුව ක්‍රියාත්මක වෙමින් තිබුණා නම් නිසැකවම ඔහු හිට් විකට් ලෙස දැවී ගිය ක්‍රීඩකයෙක් බවට පත් වනවා.

සුනිල් නරේන් මෙම තරගයේ දී පන්දු 26 කින් ලකුණු 44 ක් ලබාගත් අතර, හතරේ පහර 05ක් සහ හයේ පහර 03ක් ඔහුගේ ඉනිමට ඇතුළත් වුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
10
+1
5
+1
20
+1
13
+1
4
+1
4
+1
11
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කවුද මේවට අවසර දුන්නේ.. ජනාධිපතිතුමා සැර වෙයි
09:01
Video thumbnail
රටේ ව්‍යවසනයන් අතර ජාවාරම්කාරයන් ගැන අපි මෙහෙයුම් කළා..නාකොටික් DIG සියල්ල හෙළිකරයි
03:57
Video thumbnail
සජිත් ආණ්ඩුවට දෙහි කපයි
11:00
Video thumbnail
කාළගුණය වෙනස්වෙද්දි,වන ලැහැබෙන් එළි බැස්ස ගමේ දඟකාරයා  "වීරා"
00:36
Video thumbnail
බදුල්ල මඩකලපුව A5 මාර්ගය මිල්ලබැද්ද ප්‍රදේශයෙන් ගිලා බසියි..මුළු පාරම ඉවරයි..හැම තැනම ඉරිතලලා
03:22
Video thumbnail
විපතට පත් වූවන් සජිත් ළඟ දුක කියා හඬා වැටෙයි
04:09
Video thumbnail
ගංවතුරෙන් නිවාස ය#වීම නිසා කොටිකාවත්ත ගම්මු දැඩි අසරණවෙයි..සුද්ද කරන්න සුමාන දෙකක්වත් යයි
03:55
Video thumbnail
වෛද්‍යවරුන්ගෙන් ජනතාවට විශේෂ දැනුම්දීමක්
13:27
Video thumbnail
මඩේ එරුණු හෙලිකොප්ටරය ගොඩගත්ත මෙහෙයුම
01:11
Video thumbnail
මා#රයා ඔළුව උඩ තියන් ජීවත්වන බලංගොඩ, කිරිදිගල මිනිස්සු.."ඉක්මනට යමු කට්ටියම මේ ගම දාලා"
07:06


?