බැංගලෝරය පැරදූ රාජස්ථානයේ රාජකීයන් IPL අවසන් මහා සටනට

මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ අවසන් මහා තරගය සඳහා සුදුසුකම් ලබන්නට රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායමට ඊයේ රාත්‍රියේ හැකියාව ලැබුණා.

ඒ රෝයල් චැලෙන්ජස් බැංගලෝර් කණ්ඩායම සමඟ පැවති තරගය කඩුලු 07කින් ජයගැනීමත් සමඟයි.

ඒ අනුව 2022 ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ අවසන් මහා තරගයේ දී රාජස්ථාන් රෝයල්ස් සහ ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම් හෙට (29) රාත්‍රියේ දී මුණගැසෙනු ඇති.

ඊයේ පැවති තරගයේ දී පළමුව පන්දුවට පහරදුන් බැංගලෝර් ක්‍රීඩකයින් නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 08කට ලකුණු 157 රැස් කිරීමට සමත් වුණා.

එහිදී රාජත් පටිදාර් අර්ධ ශතකයක් රැස්කරමින් බැංගලෝර් ඉනිමේ නැංඟුරම බවට පත් වූ අතර බැංගලෝර් ඉනිමේ ලකුණු විස්සේ සීමාවට පැමිණීමට හැකිවුයේ තවත් ක්‍රීඩකයින් දෙදෙනෙක්ට පමණයි.

පන්දු යැවීමේ දී ප්‍රසීද් ක්‍රිෂ්ණා සහ ඕබෙඩ් මැකෝයි අතරේ කඩුලු 03 බැඟින් බෙදී ගියා.

පිළිතුරු ඉනිම ඇරඹු රාජස්ථාන් ක්‍රීඩකයින් ලකුණු 158ක ඉලක්කය කඩුලු 03ක් දැවී පන්දුවාර 18යි එක් පන්දුවක් තුළ පසුකර ගිය අතර එහිදී ආරම්භක පිතිකරු ජෝෂ් බට්ලර් අඟනා ශතකයක් රැස්කරමින් සිය කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන ගියා.

බට්ලර් පන්දු 60කදී වාර්තා කළ එම ශතකයට හයේ පහර 06ක් සහ හතරේ පහර 10ක් ඇතුළත් වුණා.

පන්දු යැවීමේ දී වනිඳු හසරංග එක් කඩුල්ලක් සහ වේග පන්දු යවන ක්‍රීඩක ජෝෂ් හැස්ල්වුඩ් රාජස්ථාන් ඉනිමේ කඩුලු 02ක් බිඳ දැමුවා.

වනිඳු ඊයේ තරගයේ දී දවාගත් කඩුල්ලත් සමඟ මෙවර තරගවලියේ වැඩිම කඩුලු ලාභීයා ලෙස යළිත් වරක් දම්පැහැති හිස්වැස්ම (purple cap) තමන් සතුකර ගත්තා.

මේ වන විට තරග 16කට ක්‍රීඩා කරමින් වනිඳු බිඳහෙළා ඇති කඩුලු සංඛ්‍යාව 26ක්.

මෙවර තරගවලියේ රාජස්ථාන් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස කුමාර් සංගක්කාර සහ වේග පන්දු යැවීමේ පුහුණුකරු ලෙස ලසිත් මාලිංග කටයුතු කරනු ලබනවා.

බැංගලෝරය පැරදූ රාජස්ථානයේ රජවරු IPL අවසන් මහා සටනට

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මෙන්න හදිසියේම වෙනස්වන කාලගුණයේ උඩු යටිකුරුවෙන වෙනස..
04:02
Video thumbnail
ගම්මන්පිල ජනපතිට නඩු දාන්න සැරසෙයි..නඩු දස ලක්ෂයට මුහුණ දෙනවද? තමන්ට පුළුවන් දේ කරනවද?
11:01
Video thumbnail
අර්චුනා ඩයස්පෝරාව ගැන කියලා පාර්ලිමේන්තුවේ රත්වෙයි..චික්..! පාර්ලිමේන්තුවට එන්න මට හි#කිතයි
03:13
Video thumbnail
තමුන්ලගේ ජනාධිපති ගැන ලැජ්ජයි බන්..අර්චුනා සභාවේ ලෙසටම ෆයර්වෙයි
03:53
Video thumbnail
"මේ වරදට ජනාධිපතිව වසර 5ක් දක්වා හිරේට දාන්න පුළුවන්" ගම්මන්පිලගෙන් ප්‍රබල හෙළිදරව්වක්
13:29
Video thumbnail
ගංවතුර ආපදාව නිසා මි#ගිය සතුන්ගේ මස් මාංශ වෙළෙඳපොලට ඇවිත්?..මෙන්න රටම දෙදරා යන හෙළිදරව්වක්
05:45
Video thumbnail
සජිත් කළින්ම කිව්වනේ රටට මේ වගේ විපතක් වෙනවා කියලා..වටගල හදන්නේ හැමෝගෙම කටවල් වහන්න
03:43
Video thumbnail
රතු කට්ට පැන්න චානක හතර වටේටම දෙසයි..මගේ කැබ් එකේ සල්ලි ඔක්කොම සෞඛ්‍ය අමාත්‍යංශයට දෙන්න..
11:45
Video thumbnail
මවගෙන් වෙන්ව සිටි බිළිඳාව නැවත මව වෙතට ගෙන දුන් අපේ වීරයෝ
01:31
Video thumbnail
මුට්ට කරගහන එක නවත්තන්න..ඔයාලා විපක්ෂය නෙවෙයි..නලීන් පාර්ලිමේන්තුව දෙවනත් කරයි
14:42

?