බැංගලූරු කණ්ඩායම මැක්ස්වෙල් ගැන තීරණයක් ගනී

ඕස්ට්‍රේලියානු තුන් ඉරියව් ක්‍රීඩක ග්ලේන් මැක්ස්වෙල් එළඹෙන අයි.පී.එල් ක්‍රීඩක වෙන්දේසිය වෙනුවෙන් නිදහස් කිරීමට රෝයල් චැලෙන්ජස් බැංගලූරු කණ්ඩායම තීරණය කර ඇති බව වාර්තා වනවා.

මෙම වසරේ නිමා වූ අයි.පී.එල් තරගාවලිය තුළ මැක්ස්වෙල්ගෙන් බලාපොරොත්තු වූ තරම් දායකත්වයක් කණ්ඩායමට නොලැබීම හේතුවෙන් බැංගලූරු කණ්ඩායම මෙම තරනුය එළඹ ඇති බවයි වාර්තා වන්නේ.

මෙවර තරගාවලියේ දී ඔහු තරග 10කට ක්‍රීඩාකර රැස්කරගෙන ඇත්තේ ලකුණු 129ක් වන අතර, බිඳ දමා ඇත්තේ කඩුලු 06ක් පමණයි.

මේ අතර ක්‍රීඩක වෙන්දේසියට පෙර බැංගලූරු කණ්ඩායම රඳවා ගන්නා ක්‍රීඩකයි අතර විරාට් කෝලි සහ මොහොමඩ් සිරාජ් සිටින බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබුණේ.

මෙවර ක්‍රීඩක වෙන්දේසියට පෙර එක් කණ්ඩායමකට ක්‍රීඩකයින් 06 දෙනෙකු රඳවා ගැනීමට අවසර ලබා දී ඇති අතර, එලෙස රඳවා ගන්න ක්‍රීඩකයින් කවුරුන්ද යන්න පිළිබඳව ඔක්තෝම්බර් 31 වන දින සවස 5ට ප්‍රකාශයට පත් කළ යුතුයි.

එක් කණ්ඩායමක් විසින් රඳවා තබාගැනීම සඳහා පළමු ක්‍රීඩකයා වෙනුවෙන් ඉන්දීය රුපියල් කෝටි 18 ක්, දෙවැන්නා සඳහා රුපියල් කෝටි 14 ක්, තුන්වන ක්‍රීඩකයා සඳහා රුපියල් කෝටි 11 ක්, සිව්වන සහ පස්වන ක්‍රීඩකයන් සඳහා පිළිවෙලින් රුපියල් කෝටි 18 ක් සහ රුපියල් කෝටි 14 ක් වැය කළ යුතු වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
2
+1
0
+1
2
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
CEB එකේ දෝෂයක් නිසා වසරක් පුරා අඳුරේ ඉන්න අසූ හැවිරිදි වයෝවෘද්ධ මව
02:40
Video thumbnail
මහා පරිමාණ සුරතල් සත්ත්ව ඖෂධ නිෂ්පාදනාගාරයක් වටලයි
00:45
Video thumbnail
රටට ඉදිරියේදී වෙන්න යන දේ මෙන්න..දුමින්ද නාගමුවගෙන් කරුණු රැසක් එළියට..හාල් මිල අධික ලෙස වැඩි වෙනවා
18:01
Video thumbnail
තෙල් බවුසරයක් මහ පාරෙම පෙරළි සිදුවූ අනතුර
00:44
Video thumbnail
තෙල් බවුසරයක් මහ පාරෙම පෙරළි සිදුවූ අනතුර..මිනිස්සු වටවෙලා තෙල් පුරවගෙන යන හැටි
01:08
Video thumbnail
"ගැලරිය පිනවන චූන් කතා කියන්න එපා"ජනපති ඇවිත් කිව්ව දේට පුබුදු හොඳම එකෙන් දෙසයි
12:41
Video thumbnail
අර්චුනා, දයාසිරි ඇතුළු පක්ෂ විපක්ෂ ප්‍රබලයින් රැසක්ම ජනපති සමඟ විශේෂ හමුවක්
01:17
Video thumbnail
අර්චුනා හදිස්සියේම නැගිටලා පාර්ලිමේන්තුව දෙකක් කරයි
00:38
Video thumbnail
ශ්‍රී පාද පද්මය වැදපුදා ගන්න ගිය නාමල් රාජපක්ෂ
01:10
Video thumbnail
නාමල් රාජපක්ෂ උතුම් වූ ශ්‍රී පාද පද්මය වැදපුදා ගන්න යයි.. චානක ඇතුළු සෙට් එකක්ම ගිහින්
01:41