බැංකු කාඩ් පාවිච්චි කරන අයට අනතුරු ඇඟවීමක්..ඔබ දැඩි අවධානමක?

මහා බැංකුවට හොරෙන් වානිජ බැංකු කළ දේ ක්‍රෙඩිට් හෝ ඩෙබිඩ් කාඩ්පතකින් යම් ඩොලර් ගෙවීමක් සිදුකළහොත් ඒ සඳහා අතිරේකව සියයට 07 දක්වාවූ ‘විදේශ විනිමය ගැළපුම් ගාස්තුවක්’ අය කිරීමට සියලුම වාණිජ බැංකු තීරණය කර ඇත.

එම ගාස්තුව මේ දක්වා පැවතියේ අදාළ ගෙවීමෙන් 2.5% ක් පමණ අගයයකි. ඇතැම් වාණිජ බැංකු මෙම 7%ක අතිරේක ගාස්තුවට අමතරව තවත් 5%ක සැකසුම් ගාස්තුවක් අය කරෙන බව නිවේදනය කර තිබේ.

ඇතැම් වාණිජ බැංකු මෙම අමතර අයකිරීම 2021 අගෝස්තු 25 වැනි දින සිට ක්‍රියාත්මක වන බව ප්‍රකාශ කර ඇති අතර ඇතැම් බැංකු එය 2021 සැප්තැම්බර් 01 වැනිදා සිට ක්‍රියාත්මක කිරීමට තීරණය කර ඇත.

ක්‍රෙඩිට් කාඩ්පත් මගින් විදෙස් ගෙවීම් සිදුකිරීම අත්හිටුවීමට ඇතැම් වාණිජ බැංකු පසුගිය සති කිහිපයේ කටයුතු කර තිබිණි.

රට මුහුණ පා ඇති විදේශ විනිමය අර්බුදය ඊට ප්‍රධාන හේතුවයි.

මේ වන විට වාණිජ බැංකු ඇමෙරිකානු ඩොලරයක විකුණුම් මිල රුපියල් 211 දක්වා ඉහළ දමා ඇති අතර, ඒ අනුව අදාළ නව ගැලපුම් ගාස්තුවත් සමග ක්‍රෙඩිට් හෝ ඩෙබිඩ් කාඩ්පතකින් යම් ඩොලර් ගෙවීමක් සිදුකිරීමේදී ඩොලරයකට රුපියල් 225කට වැඩි අගයක් ගෙවීමට පාරිභෝගිකයන්ට සිදුවේ.

5%ක අමතර සැකසුම් ගාස්තුවක් අයකරන බැංකු මගින් සිදුකෙරෙන ගනුදෙනුවකදී එය රුපියල් 236 ඉක්මවනු ඇත.

මේ පිළිබඳව නිවේදනයක් නිකුත් කරන ශ්‍රී ලංකා මහ බැංකුව පවසන්නේ ක්‍රෙඩිට් හෝ ඩෙබිඩ් කාඩ්පත් සහ අනෙකුත් වටිනාකම තැන්පත් කළ කාඩ්පත් භාවිතය පිළිබඳව කිසිඳු නව සීමාවක් පනවා නොමැති බවයි.

එම කාඩ්පත් හිමියන්ට තම කාඩ්පත් භාවිතා කරමින් පෞද්ගලික ස්වභාවයේ ජංගම ගනුදෙනු සඳහා ශ්‍රී ලංකාවෙන් පිටත නේවාසික පුද්ගලයින්ට ගෙවීම් සිදු කිරීමට අවසර ලබා දී ඇති බවත් මහ බැංකුව කියයි.

කෙසේවෙතත් මෙම නව අමතර ගාස්තුව පිළිබඳව මහ බැංකුව කිසිඳු සඳහනක් කර නැත.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මහා නායක හිමියන්ට පට්ටපල් බොරු කියලා අන්දන්න හැදුවේ..සමන් මොඩියුලර් නිසා ලෙසටම කුපිතවෙයි
13:16
Video thumbnail
ශ්‍රි.ල.නි.ප මධ්‍යම කාරක සභා රැස්වීමට චාමර සම්පත් ඇතුළු ප්‍රබලයින් රැසක් එයි
07:59
Video thumbnail
සැප රිය ඇතුළේ තිබිලා හඳුනා නොගත් මත්කුඩු තොගයක් මීගමුවේ දී පොලිසියට මාට්ටු වෙයි
01:51
Video thumbnail
Kasthirama | "වැටපැන්න මොඩියුල හා ප්‍රතිසංස්කරණ" - කස්තිරම විශේෂ වැඩසටහන
01:17:46
Video thumbnail
කාර්මික දෝෂයක් නිසා වෙච්ච විනාශයක්..මහ පාන්දරම සිදුවූ බිහිසුණු අනතුර
01:18
Video thumbnail
කාලගුණයෙන් රතු නිවේදනයක්..වර්ෂාපතනයේ වැඩිවීමක් වුණොත් වහාම ඒ ස්ථානවලින් ඉවත් වෙන්න
02:35
Video thumbnail
මොරගල්ල වෙරළ ඛාදනය නිසා සංචාරක ජීවිත අනතුරේ..කවුද මේවට වගකියන්නේ? කළු ගල් හැම තැනම
07:16
Video thumbnail
පක්ෂ, විපක්ෂ ප්‍රබලයෝ රැසක් හමුවුණ සර්ව රාත්‍රික පිංකම..අගමැතිනිට තිබුණනේ ගෝඨාභයට ස්තූති කරන්න
05:42
Video thumbnail
කූවේට් රාජ්‍යයේ සිරගත වී සිටින ලාංකික ශ්‍රමිකයින් නිදහස් කර දෙන්න..බිරින්දෑවරු හඬා වැටෙයි
13:33
Video thumbnail
කාළගුණය උඩි යටිකුරු වෙයි..කාළගුණය ගැන විශේෂ ප්‍රකාශයක්
02:20


?