බැංකු කාඩ් පාවිච්චි කරන අයට අනතුරු ඇඟවීමක්..ඔබ දැඩි අවධානමක?

මහා බැංකුවට හොරෙන් වානිජ බැංකු කළ දේ ක්‍රෙඩිට් හෝ ඩෙබිඩ් කාඩ්පතකින් යම් ඩොලර් ගෙවීමක් සිදුකළහොත් ඒ සඳහා අතිරේකව සියයට 07 දක්වාවූ ‘විදේශ විනිමය ගැළපුම් ගාස්තුවක්’ අය කිරීමට සියලුම වාණිජ බැංකු තීරණය කර ඇත.

එම ගාස්තුව මේ දක්වා පැවතියේ අදාළ ගෙවීමෙන් 2.5% ක් පමණ අගයයකි. ඇතැම් වාණිජ බැංකු මෙම 7%ක අතිරේක ගාස්තුවට අමතරව තවත් 5%ක සැකසුම් ගාස්තුවක් අය කරෙන බව නිවේදනය කර තිබේ.

ඇතැම් වාණිජ බැංකු මෙම අමතර අයකිරීම 2021 අගෝස්තු 25 වැනි දින සිට ක්‍රියාත්මක වන බව ප්‍රකාශ කර ඇති අතර ඇතැම් බැංකු එය 2021 සැප්තැම්බර් 01 වැනිදා සිට ක්‍රියාත්මක කිරීමට තීරණය කර ඇත.

ක්‍රෙඩිට් කාඩ්පත් මගින් විදෙස් ගෙවීම් සිදුකිරීම අත්හිටුවීමට ඇතැම් වාණිජ බැංකු පසුගිය සති කිහිපයේ කටයුතු කර තිබිණි.

රට මුහුණ පා ඇති විදේශ විනිමය අර්බුදය ඊට ප්‍රධාන හේතුවයි.

මේ වන විට වාණිජ බැංකු ඇමෙරිකානු ඩොලරයක විකුණුම් මිල රුපියල් 211 දක්වා ඉහළ දමා ඇති අතර, ඒ අනුව අදාළ නව ගැලපුම් ගාස්තුවත් සමග ක්‍රෙඩිට් හෝ ඩෙබිඩ් කාඩ්පතකින් යම් ඩොලර් ගෙවීමක් සිදුකිරීමේදී ඩොලරයකට රුපියල් 225කට වැඩි අගයක් ගෙවීමට පාරිභෝගිකයන්ට සිදුවේ.

5%ක අමතර සැකසුම් ගාස්තුවක් අයකරන බැංකු මගින් සිදුකෙරෙන ගනුදෙනුවකදී එය රුපියල් 236 ඉක්මවනු ඇත.

මේ පිළිබඳව නිවේදනයක් නිකුත් කරන ශ්‍රී ලංකා මහ බැංකුව පවසන්නේ ක්‍රෙඩිට් හෝ ඩෙබිඩ් කාඩ්පත් සහ අනෙකුත් වටිනාකම තැන්පත් කළ කාඩ්පත් භාවිතය පිළිබඳව කිසිඳු නව සීමාවක් පනවා නොමැති බවයි.

එම කාඩ්පත් හිමියන්ට තම කාඩ්පත් භාවිතා කරමින් පෞද්ගලික ස්වභාවයේ ජංගම ගනුදෙනු සඳහා ශ්‍රී ලංකාවෙන් පිටත නේවාසික පුද්ගලයින්ට ගෙවීම් සිදු කිරීමට අවසර ලබා දී ඇති බවත් මහ බැංකුව කියයි.

කෙසේවෙතත් මෙම නව අමතර ගාස්තුව පිළිබඳව මහ බැංකුව කිසිඳු සඳහනක් කර නැත.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.08.06
00:00
Video thumbnail
Dasatha Vimasuma|ආණ්ඩුව මාර සැපක් දෙන්නේ..කතා කරලා වැඩක් නෑ - ඒ කාලේ නම් පුතේ යකඩත් වික්කා
02:30
Video thumbnail
ගිනි ගත් මහජන පොළ නිසා මිනිස්සු අසරණවෙයි - කාටද මේ දුක කියන්නේ ?මිනිස්සු වැදලා ජනපතිගෙන් ඉල්ලපු දේ
15:12
Video thumbnail
මරික්කාර් නැගිටලා ආණ්ඩුවෙන් ප්‍රශ්න කරයි - එක කට්ටියක් බදු ගෙවනවා තව කට්ටියක් ගෙවන්නේ නෑ
06:24
Video thumbnail
සංචාරක ජලමාර්ග බෝට්ටු සේවාව තාවකාලිකව අත්හිටුවයි - මසුන් ඇල්ලීමේ කටයුතු අඩාලවෙලා
01:40
Video thumbnail
අජිත් - අරුණ පාර්ලිමේන්තුවේ පැටලෙයි - දිවිය ලෝකයේ ඉදලා ආපු කෙනෙක්නේ..Track පැනලද ?
08:20
Video thumbnail
කැලඹුණු කාලගුණයේ නවතම තත්ත්වය මෙන්න - අද රාත්‍රියේන් පසු 100mm දක්වා තද වැසි
11:00
Video thumbnail
පානදුරේ පාපැදි හොරා - කුරුමාණම අල්ලලා නවතා තිබූ පාපැදිය ඉස්සූ හැටි
00:39
Video thumbnail
පානදුරේ පාපැදි හොරා - කුරුමාණම අල්ලලා නවතා තිබූ පාපැදිය ඉස්සූ හැටි
01:12
Video thumbnail
වනඅලි රංචුවක් කඩාවැදී ගමකට කළ කල විනාශය
00:52