බැංකු කාඩ්පත් මඟින් බස් රථවල ප්‍රවේශපත්‍ර මිලදී ගැනීමේ අවස්ථාව අද (24) දිනයේ සිට මගී ජනතාවට හිමිවනවා.
ඒ, අනුව මෙම වැඩසටහනේ සමාරම්භක වැඩසටහන අද (24) පෙරවරුවේ ප්‍රවාහන අමාත්‍ය බිමල් රත්නායකගේ ප්‍රධානත්වයෙන් මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයේ දී ආරම්භ වනවා.
ප්‍රවාහන අමාත්‍යාංශය සහ ඩිජිටල් අමාත්‍යාංශය එක්ව මෙම නව වැඩසටහන ක්‍රියාත්මක කරනු ලබන අතර, එහි පළමු අදියර ලෙස මාර්ග 20ක ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබෙනවා.
මෙම වැඩසටහන සඳහා රජයේ බැංකු දෙකක් සහ පෞද්ගලික බැංකු 05ක් එක්ව ඇති බවයි ප්‍රවාහන අමාත්‍යාංශය සඳහන් කළේ.
බස් ගාස්තු ගෙවීමෙන් පසු ඉතිරි මුදල් යළි ලබානොදීම ආදී ගැටලුවලට විසඳුමක් ලෙස බැංකු කාඩ්පත් හරහා ප්‍රවේශපත්‍ර මිලදී ගැනීමේ මෙම පහසුකම හදුන්වා දී තිබෙනවා.





