බැංකුවට දාන්න බැරි නිසා කුඩ්ඩෝ දිනකට කෝටි තුනක් වළලති

වර්තමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් තමන් දෛනිකව උපයන රුපියල් කෝටි තුනකට ආසන්න මුදල් බැංකුගත නොකර රහසිගත සේප්පුවල දමා භූගතව සඟවා තැබීමට පටන්ගෙන ඇති බවට තොරතුරු ලැබී ඇතැයි පොලිසිය පවසයි.

මත්කුඩු ජාවාරම්කරුවන්ගේ මුදල් සංසරණය වන ගිණුම් සොයා ඇරඹි විමර්ශන සමග මුදල් බැංකුගත නොකිරීමට කුඩු ජාවාරමුන් ක්‍රියාත්මක වන බව හෙළි වී තිබේ. කුඩු ජාවාරම්කරුවන්ට සහාය දුන් බැංකු නිලධාරින් ගැන විමර්ශන ඇරඹීමත් සමග ඔවුන්ගේ මුදල් ගිණුම්ගත කිරීමේ ගැටලුවකට මුහුණ දී ඇත. මීට පෙර උණ්ඩියල් ක්‍රමයට විදේශ රටවල්වලට රැගෙන ගියද එයද පසුගිය කාලයේ අඩපණ වී තිබේ.

හෙරොයින්වලට ඇබ්බැහි වූවන් ලක්ෂයක් රටේ සිටින බවත්, ඔවුන් සඳහා දිනකට කුඩු කිලෝග්‍රෑම් තුනක් අවශ්‍ය බවත් පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය කළ සමීක්ෂණයකදී හෙළි වී තිබිණි. දිනකට කුඩු කිලෝ තුනක් වෙනත් රසායනික ද්‍රව්‍ය සමග අටගුණයකින් කලවම්කර සිල්ලර වෙළෙඳාමේදී හෙරොයින් පැකට් ලෙසින් දිනකට කිලෝග්‍රෑම් 32 ක් විකිණෙන බවත් හෙළි වී ඇත. කලවම් නොකරන ලද හෙරොයින් කිලෝවක් රුපියල් කෝටියකට අලෙවිවන අතර සිල්ලර වෙළෙඳාමේදීත් හෙරොයින් කිලෝවක් කලවම් කළ පසුවත් එවැනිම ආදායමක් උපයන බව හෙළි වී ඇත. මීට අමතරව අයිස් වැනි කෘත්‍රිම මත් ද්‍රව්‍ය වෙළෙඳාමද තොග වශයෙන් සිදුවන බව හෙළි වී තිබේ. හෙරොයින් ජාවාරමට මරණ දණ්ඩනය හිමි වුවත් අයිස් මත්ද්‍රව්‍ය සඳහා එවැනි නීති සම්පාදනය නොවීම නිසා ඒ සඳහා නව නීති සකස් කිරීමේ අවසන් තීරණ ගැනීමේ සාකච්ඡාවක් සිකුරාදා (19 වැනිදා) ආරක්ෂක අමාත්‍යාංශයේදී පැවැත්වීමට නියමිත විය. ගල්කිස්ස කේන්ද්‍ර කරගනිමින් මර්වින් ජානාගේ කුඩු ජාලයේ රුපියල් කෝටි දාහතරක ගිණුමක් ඔහුගේ බේකරියක සේවකයකුගේ නමින් ගිණුම්ගත කර තිබියදී පසුගියදා සොයා ගත්තේය. මර්වින් ජානාගේ සහෝදරිය සතුව ලක්ෂ 432 ගිණුම් දෙකක් මීට පෙර සොයා ගැනිණි. එම ගිණුම් මෙහෙයවා තිබුණේ රජයේ බැංකුවක විශ්‍රාමික කළමනාකරුවකු ලෙස කටයුතු කළ වේරහැර පදිංචිකරුවකු විසිනි.

මේ අයුරින් කුඩු අංජුගේ ලක්ෂ 4000 ක් සංසරණය වූ බැංකු ගිණුමක් හා ඔවුන්ට සහය පළ කළ බැංකු නිලධාරින්ද සොයා ගැනිණි.කුඩු ජාවාරම්කරුවන්ගේ බැංකු ගිණුම් මෙහෙයවූ බැංකු නිලධාරින් ගැන සොයා නීතිය ක්‍රියාත්මක කිරීමත් සමග මුදල් ගිණුම්ගත නොකර භූගත සේප්පුවල සඟවන බව හෙළි වී ඇත. පොලිස් මත්ද්‍රව්‍යනාශක කාර්යාංශය කඩුවෙලදී හරක් කටාගේ කුඩු ජාවාරමට අයත් කුඩු ග්‍රෑම් 300 ක් සමග නිවසක ගබඩාකර තිබූ රුපියල් පන්කෝටි අනූඑක්ලක්ෂයක් මීට පෙර අත්අඩංගුවට ගත්තේය.

මෙම සතියේ පොලිස් විශේෂ කාර්ය බළකාය හා මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය කළ වැටලීම්වලදීත් කුඩු ජාවාරම්කරුවන් සතුව තිබී ලක්ෂ ගණනක සැඟවූ මුදල් හමු වී ඇත.

මීට පෙර මෙම ජාවාරම්කරුවන් එම මුදල්වලින් දේපොළ මිලදී ගත් අතර ඒවාද රාජසන්තක කිරීමට කටයුතු කිරීම නිසා මෙසේ භූගත බංකර් සකස්කර තැබීමට පෙලඹී ඇති බව පොලිසිය පවසයි. කුඩු ජාවාරමුන්ගේ භූගත සේප්පු රාජසන්තක කරන මෙහෙයුමක් සඳහා තොරතුරු සොයා විමර්ශන අරඹා තිබේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොඩි මනුස්සයට කරන අපරාධය වෙනුවෙන් පෙනී ඉන්න ආවේ අපි - ආණ්ඩුව ඇවිල්ලා මොනවද කරලා තියෙන්නේ ?
02:40
Video thumbnail
දීලා තියෙන්නේ විලි ලැජ්ජා නැතිවෙන්න - අනුර, හරිනි ජනතාව අන්දලා උදා කරපු පොහොසත් රට
03:27
Video thumbnail
කුපිත වුණ මිනිස්සු පන්දම් අරගෙන මහ පාරට බහියි - මහරගම දෙවනත් කරයි
02:20
Video thumbnail
අළුගොල්ල කන්දේ හටගත් ගින්න විශාල ප්‍රදේශයක් ගිනිබත් කරයි - මෙන්න නවතම දර්ශන
01:19
Video thumbnail
ඔබට මේ ආණ්ඩුව කරන්න බෑ - කරන්න පුළුවන් කෙනෙක්ට දීලා ආණ්ඩුව අයින් වෙලා යන්න
01:28
Video thumbnail
මහින්ද මහත්තයා අල ලීස් කළේ නෑ - ජනපති කෙනෙක් ඕනිද හාල් ලීස් කරලා ගන්න..
01:59
Video thumbnail
මම සජබයෙන් අයින් වුණේ නෑ - ඊට වඩා ලොකු තනතුරකට යනවා..චමල් ආණ්ඩුවට හොඳටම දෙසයි
01:53
Video thumbnail
මේක දැන් පාරට ගේන්න ඕනි කාලය ඇවිල්ලා ඉවරයි - ආණ්ඩුවට අපි පාඩමක් උගන්නනවා
03:38
Video thumbnail
පුළුවන් නම් හිරේ දාපන් අපිව - උඹලගේ ආණ්ඩුව ඉවරයි..සටන මහ පාරට අරගෙන එනවා අපි
02:09
Video thumbnail
AKD Go Home - බොරැල්ල මංසන්ධිය රත් කළ විරෝධතාවය..පන්දම් අරන් පාරට බහියි
02:09