බැංකුවක ව්‍යාජ වෙබ් අඩවියකින් කළ මහා පරිමාණ වංචාවක්

මෙරට පෞද්ගලික බැංකුවක නිල වෙබ් අඩවියට සමානව සකසන ලද ව්‍යාජ වෙබ් අඩවි ගණනාවක් මගින් රුපියල් කෝටි 600කට අධික මුදලක් ගනුදෙනුකරුවන්ගෙන් වංචා කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් වහාම පරීක්ෂණයක් පවත්වා සැකකරුවන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අසංග බෝදරගම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළා.

මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය නිකුත් කළේ, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් කළ ඉල්ලීමක් සලකා බැලිමෙන් අනතුරුවයි.

ලංකාවේ ප්‍රසිද්ධ පෞද්ගලික බැංකුවක නිල වෙබ් අඩවියට සමානව තවත් වෙබ් අඩවි සකස් කර පුද්ගලයන් රවටමින් මෙම මහා පරිමාණ මුදල් වංචාව සිදු කර ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දුන්නා.

සංවිධානාත්මක සයිබර් අපරාධකරුවන් පිරිසක් විසින් අදාළ පුද්ගලික බැංකුවේ වෙබ් අඩවියට සමාන වෙබ් අඩවි සකස් කරමින් එම බැංකුවේ පාරිභෝගිකයන්ගේ රුපියල් කෝටි ගණනක මෙම මුදල වංචා කර ඇත්දැයි ද විමර්ශකයින් අධිකරණයට දැනුම් දුන්නා.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දන්වා සිටියේ, මෙම සිද්ධිය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනයේ ප්‍රගතිය කඩිනම් කර අධිකරණයට කරුණු දක්වන ලෙසත් සිද්ධියට අදාළ සැකකරුවන් අත්අඩංගුවට ගන්නා ලෙසයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
4
+1
2
+1
0
+1
2
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පිරිත්, සිංදුවලින් කළුතර න.සභාවේ දී විපක්ෂේ මන්ත්‍රී වටේටම හොඳවැයින් අමතයි
03:43
Video thumbnail
මුජිබුර් පාර්ලිමේන්තුවේ ලෙසටම ෆයර්වෙයි.."කළුගගේ පීනුවා වගේ මුහුදේ පීනන්න බෑ.."
11:13
Video thumbnail
කතාව අස්සේ අර්චුනාට ආ කෑම ප්‍රශ්නය.."මොන මඟුල් පාර්ලිමේන්තුවක්ද මේක..කෑම නෑ පාර්ලිමේන්තුවේ
01:19
Video thumbnail
"මෙරට සිදුවූ සෑම ව්‍යසනයකදීම සාක්ෂිකාරයින් වුණේ පොලිසිය"වැටිච්ච තැනින් නැගිටින්න මේ හොඳම අවස්ථාව
10:21
Video thumbnail
විමල් වීරවංශ අපේ නායකයා හිටියනම් අද එක්කෝ ජනාධිපති නැත්තම් අගමැති වෙන්න තිබුණා
10:22
Video thumbnail
රෝහිණී පාර්ලිමේන්තුව දෙවනත් කරයි.."උද්#ච්චකම තියන් වැඩ කරන්න එපා Please"
09:17
Video thumbnail
කුකුල් කූඩුවකට රිංගූ සුදු නාගයෙකු දැඩි පරිශ්‍රමයක් දරා අල්ලාගත් හැටි.."මේකට ග#යි යකෝ ගනින් ගිහින්"
04:14
Video thumbnail
20 - 20 ලෝක කුසලානය තෙක් කණ්ඩායමේ නායකයා ලෙස දසුන් ශානකව පත්කරයි
03:05
Video thumbnail
ශාන්තිකර්මයක් කරන අස්සේ කපුවෙකුට‍ කිනිසි පෙන්නලා රත්තරං මංකොල්ල කෑ පුද්ගලයෙකුට වැඩ වරදියි
00:55
Video thumbnail
වැඩ තහනම් කෙරූ වෛද්‍ය බෙල්ලෙන බඩු මුට්ටුත් අකුලන් දොට්ට බහියී..රස්සාවක් නැතිවුණොත් මං හිඟා කනවා
02:13


?