බාල වයස්කාර පුතා විවාහ වෙන්න සිටි කාන්තාව එක්ක පියා පැන ගිහින්

තම පුත්‍රයා විවාහවීමට සිටි කාන්තාවක් සමඟ විවාහ වූ දරුවන් හයදෙනෙකුගේ පියෙක් පිළිබඳව ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා.

ඉන්දියාවේ උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයේ රාම්පූර්හි විවාහක පුද්ගලයෙක් තම පුතාගේ මනාලියයේ නිවසට ගිය අවස්ථාවේ එම මනාලිය සමඟ සබඳතාවක් ගොඩනගාගෙන තිබෙනවා.

ෂකීල් නැමැති එම පුද්ගලයා තම බාල වයස්කාර පුතා කාන්තාවකට විවාහකර දීමට උත්සාහ කර තිබෙනවා.

එම තීරණයට ඔහුගේ පවුලේ සාමාජිකයින් විරුද්ධවීම හේතුවෙන් මෙම පුද්ගලයා විසින් ඔවුන්ට පහර දී ඇති බවයි වාර්තා වන්නේ.

පසුව මෙම පුද්ගලයා අදාළ කාන්තාව සමඟ දුරකථනයෙන් කතා කිරීමට පටන් ගත් බවයි ඔහුගේ බිරිඳ ෂබානා චෝදනා කර ඇත්තේ.

දෙදෙනා අතර ඇති මෙම අසම්මත සම්බන්ධ අවස්ථා දෙකක දී තමන්ගේ අතටම හසුකර ගැනීමට හැකි වූ බවත් ෂබානා පවසනවා.

තම පියාගේ අනියම් සම්බන්ධය ගැන දැනගත් පසු 15 හැවිරිදි පුතා එම කාන්තාව සමඟ විවාහ වීම ප්‍රතික්ෂේප කළ බවත් ඇය වැඩිදුරටත් පවසනවා.

මේ අතර ෂකීල්ගේ පුතා පවසා ඇත්තේ තමන්ගේ සීයා ද තම පියාගේ අනියම් සම්බන්ධය ගැන දැනසිටි බවත් ඔහුද ඔවුන්ට උදව් කළ බවයි.

මේ අතර පුතා වැඩිදුරටත් සඳහන්නේ තම පියාවන ෂකීල් රුපියල් ලක්ෂ 02ක මුදල් සහ රත්තරන් ග්‍රෑම් 17ක් පමණ රැගෙන නිවසින් පිටව ගොස් පසුගිය දා ඇය සමඟ විවාහ වී ඇති බවයි.

මේ අතර පසුගිය අප්‍රේල් මාසයේදී, උත්තර් ප්‍රදේශ්හි කාන්තාවක් ඇගේ අනාගත මනාලයා සමඟ පළා ගිය පුවතක් පිළිබඳව ද ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා.

මනාලිය වන ශිවානි පැවසුවේ ඇගේ මව වන අනිතා නිවසේ තිබූ රුපියල් ලක්ෂ 3.5 කට වැඩි මුදල් සහ රුපියල් ලක්ෂ 05 කට වඩා වටිනා ආභරණ ද රැගෙන තමන් විවාහ වීමට සිටි මනාලයා සමඟ පළාගොස් ඇති බවයි.

පසුගිය අප්‍රේල් 16 වන දින තමන් විවාහ වීමට සිටි බවත්, තමා විවාහ වීමට සිටි මනාලයා සමඟ තම මව අප්‍රේල් 06 වන පලාගිය බවත් ශිවානි වැඩිදුරටත් පවසනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
5
+1
14
+1
133
+1
15
+1
11
+1
11
+1
17
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අවතැන් වූවන් ආහාර සහ පහසුකම් ඉල්ලා උද්ඝෝෂණයක
03:08
Video thumbnail
කාලගුණ තොරතුරු ඉල්ලා සමගියේ සෙට් එකක් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුවට..
08:03
Video thumbnail
මම තරහා නෑ - සජිත් හිනා වෙවී මාධ්‍යවේදීන්ට කිව්ව දේ
01:25
Video thumbnail
ජීවිත හානි අවම කරගන්න තිබුණු අවස්තාව ආණ්ඩුව නැතිකරලා දැම්මා
10:18
Video thumbnail
රන්වලට පුම්බන්න බැලුන් නෑලු - බැලුන් හිඟයි ලු
10:44
Video thumbnail
හරිණිගේ දියාරු අධ්‍යාපන ප්‍රතිසංස්කරණයෙන් ගුරුවරුත් මඥ්ඥන් වෙලා..අගක් මුලක් නෑ..තනිකර පිස්සුවක්
18:22
Video thumbnail
උපාධිධාරීන්ට සාධාරණයක් ඉල්ලා සජිත් පාරට බහී
05:15
Video thumbnail
මහ රෑ මතුගම රත්කළ ඝා#තනය
01:13
Video thumbnail
මාතලේට ගිය නාමල්ට ජනතාවගෙන් දැඩි විරෝධයක්..
01:14
Video thumbnail
තලතා ලෙසටම ෆයර්වෙයි - විපක්ෂයට විකෘති මනසක් නෑ..රෑට රෑට පැලවත්තේ එකතුවෙලා.. කියුබාවට පනින්න යන්නේ?
12:05


?