බාල වයස්කාර පුතා විවාහ වෙන්න සිටි කාන්තාව එක්ක පියා පැන ගිහින්

තම පුත්‍රයා විවාහවීමට සිටි කාන්තාවක් සමඟ විවාහ වූ දරුවන් හයදෙනෙකුගේ පියෙක් පිළිබඳව ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා.

ඉන්දියාවේ උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයේ රාම්පූර්හි විවාහක පුද්ගලයෙක් තම පුතාගේ මනාලියයේ නිවසට ගිය අවස්ථාවේ එම මනාලිය සමඟ සබඳතාවක් ගොඩනගාගෙන තිබෙනවා.

ෂකීල් නැමැති එම පුද්ගලයා තම බාල වයස්කාර පුතා කාන්තාවකට විවාහකර දීමට උත්සාහ කර තිබෙනවා.

එම තීරණයට ඔහුගේ පවුලේ සාමාජිකයින් විරුද්ධවීම හේතුවෙන් මෙම පුද්ගලයා විසින් ඔවුන්ට පහර දී ඇති බවයි වාර්තා වන්නේ.

පසුව මෙම පුද්ගලයා අදාළ කාන්තාව සමඟ දුරකථනයෙන් කතා කිරීමට පටන් ගත් බවයි ඔහුගේ බිරිඳ ෂබානා චෝදනා කර ඇත්තේ.

දෙදෙනා අතර ඇති මෙම අසම්මත සම්බන්ධ අවස්ථා දෙකක දී තමන්ගේ අතටම හසුකර ගැනීමට හැකි වූ බවත් ෂබානා පවසනවා.

තම පියාගේ අනියම් සම්බන්ධය ගැන දැනගත් පසු 15 හැවිරිදි පුතා එම කාන්තාව සමඟ විවාහ වීම ප්‍රතික්ෂේප කළ බවත් ඇය වැඩිදුරටත් පවසනවා.

මේ අතර ෂකීල්ගේ පුතා පවසා ඇත්තේ තමන්ගේ සීයා ද තම පියාගේ අනියම් සම්බන්ධය ගැන දැනසිටි බවත් ඔහුද ඔවුන්ට උදව් කළ බවයි.

මේ අතර පුතා වැඩිදුරටත් සඳහන්නේ තම පියාවන ෂකීල් රුපියල් ලක්ෂ 02ක මුදල් සහ රත්තරන් ග්‍රෑම් 17ක් පමණ රැගෙන නිවසින් පිටව ගොස් පසුගිය දා ඇය සමඟ විවාහ වී ඇති බවයි.

මේ අතර පසුගිය අප්‍රේල් මාසයේදී, උත්තර් ප්‍රදේශ්හි කාන්තාවක් ඇගේ අනාගත මනාලයා සමඟ පළා ගිය පුවතක් පිළිබඳව ද ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා.

මනාලිය වන ශිවානි පැවසුවේ ඇගේ මව වන අනිතා නිවසේ තිබූ රුපියල් ලක්ෂ 3.5 කට වැඩි මුදල් සහ රුපියල් ලක්ෂ 05 කට වඩා වටිනා ආභරණ ද රැගෙන තමන් විවාහ වීමට සිටි මනාලයා සමඟ පළාගොස් ඇති බවයි.

පසුගිය අප්‍රේල් 16 වන දින තමන් විවාහ වීමට සිටි බවත්, තමා විවාහ වීමට සිටි මනාලයා සමඟ තම මව අප්‍රේල් 06 වන පලාගිය බවත් ශිවානි වැඩිදුරටත් පවසනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොහොට්ටුවේ මහ රැළියට සූදානම් වන අයුරු
00:43
Video thumbnail
වෛද්‍ය නොසැලකිල්ලලෙන් දරුවා මව්කුස තුළම අහිමිවෙලා
01:40
Video thumbnail
කෝටි ගණනක මුදල් වංචා කල මාලිමා මන්ත්‍රී කෙනෙක් රිමාන්ඩ් කරයි ?
00:22
Video thumbnail
ජපන් විශ්ව විද්‍යාලයක සිසුන් ඇවිත් ලංකාවේ අමුණක් හදන හැටි
01:33
Video thumbnail
මෙන්න මූ තමයි බිබී ඩ්‍රයිව් කරන්නේ
00:54
Video thumbnail
අසරණ ජනතාවට නොමිලේ ජල බෝතල් බෙදා දුන්න උතුම් මිනිස්සු - "මේ රජය ඇත්තටම වැඩක් නෑ - මොකුත් දුන්නේ නෑ"
04:59
Video thumbnail
ජපන් සිසුන් ඇවිත් ලංකාවේ අමුණක් හදන හැටි - බලන්නකෝ හරි අපූරුවට සිංහලෙන් කතා කරපු හැටි
06:00
Video thumbnail
මෙන්න මූ තමයි බිබී ඩ්‍රයිව් කරන්නේ - ඉස්සරහා පොලිසිය නෑනේද බන්
00:58
Video thumbnail
වෛද්‍ය නොසැලකිල්ලලෙන් දරුවා මව්කුස තුළම අහිමිවෙලා - "මගේ දරුවා ගත්තනම්..මළ කඳ බලන්න වෙන්නේ නෑනේ"
07:55
Video thumbnail
කෝටි ගණනක මුදල් වංචා කල මාලිමා මන්ත්‍රී කෙනෙක් රිමාන්ඩ් කරයි ?
00:28