Empty Ad
AFC Banner
Empty Ad

බාලිකා පාසලක නේවාසිකාගාරයේ ගින්නක් (වීඩියෝ)

ඊයේ (03) පස්වරුවේ මාතර බාලිකා පාසලක නේවාසිකාගාරයේ ගින්නක් හටගත්තා.

ගින්න ඇතිවන අවස්ථාවේ පාසල් සිසුවියන් 150කට ආසන්න ප්‍රමාණයක් නේවාසිකාගාරයේ සිට ඇති අතර ඔවුන් කඩිනමින් ඉවත් කිරීමට පාසල් බලධාරීන් කටයුතු කර තිබුණා.

මාතර වැලිගම ප්‍රදේශයේ පිහිටි හෆ්සා කාන්තා අරාබි විද්‍යාලයේ නේවාසිකාගාරය තුල ඊයේ (03) පස්වරුවේ ගින්නක් හටගත්තා.

ගින්න ඇතිවන අවස්ථාවේ පාසල් සිසුවියන් 150කට ආසන්න ප්‍රමාණයක් නේවාසිකාගාරයේ සිට ඇති අතර වහා ක්‍රියාත්මක වූ පාසල් කාර්යහමණ්ඩලය සහ ප්‍රදේශවාසීන් එක්ව ළමුන් ඉන් ඉවත් කිරිමට කටයුතු කර තිබුණා.

මාතර නගර සභාවේ ගිනි නිවන රථයක් එම ස්ථානයට පැමිණි අතර ප්‍රදේශවාසීන්ගේද සහාය ඇතිව පැය 2ක් තුල ගින්න නිවාදැමීමට කටයුතු කෙරුණා.

ගින්නෙන් නේවාසිකාගාරයේ දේපළවලට දැඩි අලාභහානි සිදුව ඇති අතර සිසුවියන්ගේ පාසල් උපකරණ සහ ඇඳුම් පැලදුම්ද ගින්නට හසුව විනාශ වුණා.

ගින්නෙන් කිසිවෙකුටත් හානි සිදුවී නොමැති අතර ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
1
+1
1
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?