බාලවයස්කාර පෙම්වතිය පැහැරගෙන ගොස් මිතුරන් දෙදෙනා සමඟ කෙලෙසූ එක්දරු පියා රිමාන්ඩ්

වයස අවුරුදු පහළොවක බාලවයස්කාර දැරියක් පැහැරගෙන ගොස් පාළු නිවසක රඳවාගෙන බලහත්කාරයෙන් මත්පැන් පොවා දූෂණය කළ බව කියන පුද්ගලයකු පෙරේදා (21) අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 24 හැවිරිදි වියේ පසුවන රක්වාන ප්‍රදේශයේ පදිංචිව සිටින එක්දරු පියෙක් බවයි වාර්තා වන්නේ.

මෙම පුද්ගලයා අදාළ දැරිය සමඟ ප්‍රේම සම්බන්ධයක් පවතවාගෙන ගොස් ඇති බවට අනාවරණය වී ඇති අතර, දැරිය ත්‍රීරෝද රථයකින් පැහැරගෙන පාළු නිවසකට රැගෙන ගොස් මෙම අපරාධය සිදුකර ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

මීට සැකකරුගේ මිතුරන් දෙදෙනෙකුගේ ද සහාය ලැබී ඇති අතර, ඔවුන් දෙදෙනා දැරියව බරපතළ ලෙස ලිංගික අපයෝජනයට ලක්කර ඇතැයි වාර්තා වනවා.

අත්අඩංගුවට ගැනුණු ප්‍රධාන සැකකරු ඊයේ (22) පැල්මඩුල්ල මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 04 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කර තිබෙනවා.

සිද්ධියට සම්බන්ධ අනෙක් සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගැනීමට විමර්ශන සිදුකරගෙන යනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අර්චුනා හදිස්සියේම නැගිටලා පාර්ලිමේන්තුව දෙකක් කරයි
00:38
Video thumbnail
ශ්‍රී පාද පද්මය වැදපුදා ගන්න ගිය නාමල් රාජපක්ෂ
01:10
Video thumbnail
නාමල් රාජපක්ෂ උතුම් වූ ශ්‍රී පාද පද්මය වැදපුදා ගන්න යයි.. චානක ඇතුළු සෙට් එකක්ම ගිහින්
01:41
Video thumbnail
AI විපක්ෂ නායකට සමන්ත කිව්ව සැර කතාව..AIවලින් නායකයෙක් හදාගන්න එක ඉතුරුවෙලා තියෙන්නේ
01:45
Video thumbnail
විදුලි කැපීම ගැන චානකගෙන් ප්‍රබල හෙළිදරව්වක්..අනීතිකයි..සෙට් එකටම හීරේ යන්න වෙන දෙයක් මේ
04:08
Video thumbnail
ගෑස් මිල තවත් වැඩි කරයිද ?.."හරියට ගත්තොත් මීට වඩා වැඩිවීමක් වෙන්න ඕනි"
08:10
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.04.07
08:34:05
Video thumbnail
"රෝහිතගේ දුවගේ වාහනේ සත්භාවයෙන් ගත්තේ - බස් Strike එක මෙහෙයුවේ මම නෙවෙයි"
07:01
Video thumbnail
පාස්කුව ගැන පොත් ගැහුවට සත්‍ය යටපත් කරන්න බැහැ..අපි දැක්කනේ එදා මහ මොළකරු වාඩිවෙලා හිටපු තැන්
03:28
Video thumbnail
ගෑස් උස්සගෙන සභාවට ආ විපක්ෂ මන්ත්‍රීවරු
02:05