බාර් ලයිසන් දුන්නේ IMF යෝජනාවකට අනුවයි – මං ඕවා අරන් නෑ – හිටපු අමාත්‍ය දිලුම්

පෙර රජය යටතේ මත්පැන් බලපත්‍ර ලබාදුන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට අනුව බදු ආදායම ලබා ගැනීමට බව හිටපු අමාත්‍ය මන්ත්‍රී දිලුම් අමුණුගම මහතා පවසනවා.

සර්වජන බලය පක්ෂයේ ජාතික සංවිධායකවරයා වශයෙන් කටයුතු කරන දිලුම් අමුණුගම මේ බව කියා සිටියේ අද (06) පෙරවරුවේ සර්වජන බල කාර්‍යාලයේ දී පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.

තමන් කිසිවිටෙක මත්පැන් බලපත්‍ර ලබා ගෙන නොමැති බව ද හිටපු අමාත්‍යවරයා කියා සිටියා.

මත්පැන් බලපත්‍ර ලබා දී ඇත්තේ බදු ආදායම සෙවීම පිණිස බවත්; පෙර රජය එම බලපත්‍ර හිතවත්කම්වලට ලබා දුන්නේ දැයි තමන් නොදන්නා බවත් හෙතෙම පැවසුවා.

එම ක්‍රියාවලිය ජාත්‍යන්තර අරමුදලේ යෝජනාවකට අනුව සිදු කළ බවත් හිටපු අමාත්‍ය අමුණුගම මහතා ප්‍රකාශ කළා.

සීනි කර්මාන්ත ශාලාවේ එතනෝල් නිරපරාදේ ඉවත දමන හෙයින් ඒ දිනවල තමන් යෝජනා කළේ එම එතනෝල් භාවිත කරන ස්කාගාරයක් තනන ලෙසට බවයි.

මේ දිනවල මත්පැන් බලපත්‍ර ලබාදීම සම්බන්ධයෙන් දැඩි ලෙස පාර්ලිමේන්තුවේ කතාබහක් නිර්මාණය වී ඇති පසුබිමක යි හිටපු අමාත්‍ය මේ බව කියා සිටියේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
3
+1
1
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ශානි අබේසේකර ගෙදර යන්න
07:15
Video thumbnail
ගම්මන්පිලට යකා ආරූඪ වෙයි"මේක මගේ පොත නෙවෙයි..ව්‍යාජ එකක්"..රහස් පොලිසිය බුද්ධිමය දේපළ හොරකම් කරලා
06:03
Video thumbnail
ඩිල්කා, සුදාගෙන් මිලියන 100ක් ඉල්ලයි - Australia පොලිසියටත් පැමිණිලි
05:03
Video thumbnail
GMOA එකෙන් ඇමති නලින්දට අභියෝගයක්..ප්‍රථමයෙන්ම පැමිණිලි කරන්න ඕනි ඔයාට විරුද්ධව
11:01
Video thumbnail
අනුරට බෑ කියලා උඩ ඉන්න දෙයියෝත් දන්නවා
06:23
Video thumbnail
යතුරුපැදිකරු බරපතළ කළ බිහිසුණු අනතුර..බයික් එක කුඩේ කුඩු
01:04
Video thumbnail
විපක්ෂයට වෙන කියන්න දෙයක් නැති නිසා ගල් අඟුරු ගැන කියවන්නේ
05:03
Video thumbnail
විදුලි බිල 50%වත් වැඩි කරන්න ඕනිලු..ජනාධිපතිතුමා වැඩ බැරි ඇමතිලා ගෙදර යවන්න
01:47
Video thumbnail
පෙරටුගාමීන් පාරට බැහැලා නගරයම දෙකක් කරයි..අපේ රට යුද පිටියක් වෙන එක නවත්තන්න බැහැ
07:45
Video thumbnail
මිහින්තලේ ප්‍රදේශයට දැඩි වර්ෂාපතනයක් ඇද හැලුනු හැටි මෙන්න
01:16