බාර් ලයිසන් දුන්නේ IMF යෝජනාවකට අනුවයි – මං ඕවා අරන් නෑ – හිටපු අමාත්‍ය දිලුම්

පෙර රජය යටතේ මත්පැන් බලපත්‍ර ලබාදුන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට අනුව බදු ආදායම ලබා ගැනීමට බව හිටපු අමාත්‍ය මන්ත්‍රී දිලුම් අමුණුගම මහතා පවසනවා.

සර්වජන බලය පක්ෂයේ ජාතික සංවිධායකවරයා වශයෙන් කටයුතු කරන දිලුම් අමුණුගම මේ බව කියා සිටියේ අද (06) පෙරවරුවේ සර්වජන බල කාර්‍යාලයේ දී පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.

තමන් කිසිවිටෙක මත්පැන් බලපත්‍ර ලබා ගෙන නොමැති බව ද හිටපු අමාත්‍යවරයා කියා සිටියා.

මත්පැන් බලපත්‍ර ලබා දී ඇත්තේ බදු ආදායම සෙවීම පිණිස බවත්; පෙර රජය එම බලපත්‍ර හිතවත්කම්වලට ලබා දුන්නේ දැයි තමන් නොදන්නා බවත් හෙතෙම පැවසුවා.

එම ක්‍රියාවලිය ජාත්‍යන්තර අරමුදලේ යෝජනාවකට අනුව සිදු කළ බවත් හිටපු අමාත්‍ය අමුණුගම මහතා ප්‍රකාශ කළා.

සීනි කර්මාන්ත ශාලාවේ එතනෝල් නිරපරාදේ ඉවත දමන හෙයින් ඒ දිනවල තමන් යෝජනා කළේ එම එතනෝල් භාවිත කරන ස්කාගාරයක් තනන ලෙසට බවයි.

මේ දිනවල මත්පැන් බලපත්‍ර ලබාදීම සම්බන්ධයෙන් දැඩි ලෙස පාර්ලිමේන්තුවේ කතාබහක් නිර්මාණය වී ඇති පසුබිමක යි හිටපු අමාත්‍ය මේ බව කියා සිටියේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
3
+1
1
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
21ට කළින් එළියට එන පාස්කු රහස් - CCTV දර්ශනත් මිසින් - මොනවද ඒවගේ තිබ්බේ
40:43
Video thumbnail
නුවර එළිය පිස්සු වැටුණු සෙනඟ මෙන්න - ගියාට කමක් නෑ වනසලා එන්න නම් එපා
04:10
Video thumbnail
සංගීත ප්‍රසංගය 10.30 නතර කරන්න කියපු නිසා ප්‍රේක්ෂකයෝ පොලිසියේ කකුල් අල්ලලා වැඳ වැටෙයි
07:17
Video thumbnail
නවසීලන්තේ යවනවා කියලා මිනිස්සු රවට්ටලා මහාචාර්යවරියක් ගහපු ගේම් එක මෙන්න
05:57
Video thumbnail
විදුලිබල මණ්ඩලයේ සභාපතිට මණ්ඩලය දුන්නා කියන්නේ නරියට කුකුල් කූඩුව භාර දුන්නා වගේ වැඩක්
06:41
Video thumbnail
හඬා වැටෙමින් පිල්ලයාන් කියපු තවත් දේවල් මෙන්න
19:26
Video thumbnail
පිල්ලයාන් කියන්නේ දේශප්‍රේමියෙක් - රහස් රැසක් එළියට ආ මාධ්‍ය හමුව
38:51
Video thumbnail
සජබය ආණ්ඩුවට සැරටම දෙහි කපයි - අපිට ගොඩක් දුකයි මේ වැඩවලට
06:19
Video thumbnail
පෝය දෙකයි - අපි දෙන්නම් උපකාරක පංති - ඇමති තෝ කොහෙද බොල ඉන්නේ
03:59
Video thumbnail
පිල්ලයාන්ගේ නීතිඥයා දැන් ගම්මන්පිල - මේවට තමයි කුමන්ත්‍රණ කියන්නේ
08:21

?