AFC Banner
Empty Ad
Empty Ad

බාධා මැද්දේ එංගලන්තය පළමු ඉනිමේ ප්‍රබල තැනක

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ එංගලන්තය අතර තුන්වන සහ අවසන් ටෙස්ට් තරගය ඊයේ (06) ලන්ඩන් නුවර ඕවල් ක්‍රීඩාංගණයේ දී ආරම්භ වුණා.

කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා ඇරයුමෙන් පළමුව පන්දුවට පහර දෙන එංගලන්තය පළමු දිනය අවසන් වන විට සිය පළමු ඉනිම වෙනුවෙන් කඩුලු 03ක් දැවී ලකුණු 221ක් රැස්කරගෙන ප්‍රබල තැනක පසු වුණා.

මේ අතර තරගයේ පළමු දිනට වර්ෂාවෙන් විටින් විට බාධා එල්ල වූ අතර, අයහපත් ආලෝක තත්ත්වය හේතුවෙන් විනිසුරුවරුන්ට නියමිත කාලයට පෙර පළමු දිනට තරගය නතර කිරීමටයි සිදු වුණේ.

පළමු දිනට තරගය නතර කරන විට එංගලන්ත පළමු ඉනිම වෙනුවෙන් නොදැවී කඩුල්ලේ රැඳී සිටි නායක ඔලී පොප් සිය 07 වන ටෙස්ට් ශතකට වාර්තා කරමින් ලකුණු 103ක් රැස්කරගෙන සිටි අතර, හැරී බෲක් ලකුණු 08ක් ලබාගෙන සිටියා.

කඩුලු දවාගැනීමේ දී ලහිරු කුමාර කඩුලු 02ක් සහ මිලාන් රත්නායක එක් කඩුල්ලක් දවාගත්තා.

තරගයේ දෙවන දිනය අදයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
1
+1
2
+1
0
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?