බ්‍රිතාන්‍ය පර්යේෂකයන්ට චීනයෙන් බලපෑම්

ෂෙෆීල්ඩ් හලාම් විශ්ව විද්‍යාලය මානව හිමිකම් පර්යේෂණ නතර කර දැමීමට චීනයෙන් අඛණ්ඩ පීඩනයක් එල්ල වූ බවට එල්ල වන චෝදනා සම්බන්ධයෙන් කරන ලද විමර්ශනයක් ත්‍රස්ත විරෝධී පොලිසියට යොමු කර තිබෙනවා.

බීබීසී සහ ගාඩියන් පුවත්පත වාර්තා කර ඇත්තේ චීනයේ ෂින්ජියැං කලාපයේ බලහත්කාරයෙන් වැඩ කිරීම පිළිබඳ ප්‍රකාශ සම්බන්ධයෙන් එහි මහාචාර්යවරයෙකු විසින් කරන ලද සංවේදී පර්යේෂණ නවත්වන ලෙස විශ්ව විද්‍යාලයෙන් ඉල්ලා සිටීම ද ඇතුළුව චීනය වසර දෙකක බිය ගැන්වීමේ සහ හිරිහැර කිරීමේ ව්‍යාපාරයක් දියත් කළ බවට ලේඛනවලින් පෙනී යන බවයි.

දකුණු යෝක්ෂයර් පොලිස් ප්‍රකාශකයෙකු පැවසුවේ “චෝදනා ජාතික ආරක්ෂක පනතේ 3 වන වගන්තියට අයත් වන” බැවින් බලකාය විමර්ශනය යොමු කර ඇති බවයි.

පනතේ 3 වන වගන්තියෙන් කියවෙන්නේ “විදේශ බුද්ධි සේවයකට සහාය වීම” සම්බන්ධයෙන්.

ෂෙෆීල්ඩ් හි සිදුකෙරෙන මහාචාර්ය මර්ෆිගේ පර්යේෂණ නතර කර දමන ලෙස ඉල්ලා සිටි චීනයේ ජාතික ආරක්ෂක සේවයේ පුද්ගලයින් විසින් විශ්ව විද්‍යාලයේ චීන කාර්ය මණ්ඩලයට තර්ජනය කර ඇති බව ඔවුන් පෙන්වා දී තිබෙනවා.

චීනය තුළ ජාතික ආරක්ෂක සේවය නමින් සංවිධානයක් ඇතැයි විශ්වාස නොකෙරේ, එබැවින් එම පුද්ගලයින් කවුරුන්ද යන්න පැහැදිලි නැහැ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?