බ්‍රිතාන්‍ය ගුවන් සමාගම මගීන්ගෙන් සමාව ඉල්ලයි

ඇමරිකා එක්සත් ජනපදයෙන් පිටත් වීමට නියමිතව තිබූ ගුවන් ගමන් පැය කිහිපයක් ප්‍රමාද වීම පිළිබඳ බ්‍රිතාන්‍ය ගුවන් සමාගම මගීන්ගෙන් සමාව ඉල්ලා තිබෙනවා.

එහි තෙවන පාර්ශවයක් වන පියාසැරි සැලසුම් සැපයුම්කරු සමඟ සිදුව ඇති තාක්ෂණික ගැටලුවක් පිළිබඳව කඩිනමින් විමර්ශනය කරන බවයි ගුවන් සමාගම පවසන්නේ .

මෙම ප්‍රමාදය හේතුවෙන් මගීන් ගුවන් තොටුපලවල පැය ගණන් රැඳී සිටින බවට වාර්තා කර තිබෙනවා.

හැකි ඉක්මනින් ගුවන් යානා පිටත් කර හැරීම තම අරමුණ බව පවසන ගුවන් සමාගම, ප්‍රකාශ කළේ තම ගනුදෙනුකරුවන්ගේ සැලසුම්වලට යම් බාධාවක් සිදු වුවහොත් ඒ පිළිබඳ කණගාටු වන බවයි.

ජෝන් එෆ් කෙනඩි ජාත්‍යන්තර ගුවන් තොටුපලේ පැය තුනකට වැඩි කාලයක් රැඳී සිටීම ගැන මගීන් කනස්සල්ල පළ කරමින් ට්විටර් සටහන් තබා තිබෙනවා.

ඇතැම් මගින් සඳහන් කර ඇත්තේ ඔවුන් නැවත ගුවන් තොටුපළ මගී පර්යන්තයට රැගෙන යාමට පෙර පැය ගණනාවක් ධාවන පථවල නවතා තිබූ ගුවන් යානා තුල අසුන්ගෙන සිටින බවයි.

නිවේදනයක් නිකුත් කරමින් බ්‍රිටිෂ් එයාර්වේස් මෙලෙස ප්‍රකාශ කර තිබෙනවා. “අපගේ තෙවන පාර්ශවීය පියාසැරි සැලසුම් සැපයුම්කරුගේ තාක්ෂණික දෝෂයක් හේතුවෙන් අද රාත්‍රියේ ඇමරිකා එක්සත් ජනපදයෙන් පිටත් වීමට නියමිත අපගේ ගුවන් ගමන් දැනට ප්‍රමාද වී ඇති අතර, අපි එය කඩිනමින් විමර්ශනය කරමින් සිටිමු. “අපගේ ගනුදෙනුකරුවන්ගේ සැලසුම්වලට මෙමගින් කිසියම් බාධාවක් සිදුවන්නේ නම් ඒ පිළිබඳ අපට කණගාටුයි, අපගේ අරමුණ මෙම ගුවන් ගමන් හැකි ඉක්මනින් පිටත්වීමයි.”

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රටට ඉදිරියේදී වෙන්න යන දේ මෙන්න..දුමින්ද නාගමුවගෙන් කරුණු රැසක් එළියට..හාල් මිල අධික ලෙස වැඩි වෙනවා
18:01
Video thumbnail
තෙල් බවුසරයක් මහ පාරෙම පෙරළි සිදුවූ අනතුර
00:44
Video thumbnail
තෙල් බවුසරයක් මහ පාරෙම පෙරළි සිදුවූ අනතුර..මිනිස්සු වටවෙලා තෙල් පුරවගෙන යන හැටි
01:08
Video thumbnail
"ගැලරිය පිනවන චූන් කතා කියන්න එපා"ජනපති ඇවිත් කිව්ව දේට පුබුදු හොඳම එකෙන් දෙසයි
12:41
Video thumbnail
අර්චුනා, දයාසිරි ඇතුළු පක්ෂ විපක්ෂ ප්‍රබලයින් රැසක්ම ජනපති සමඟ විශේෂ හමුවක්
01:17
Video thumbnail
අර්චුනා හදිස්සියේම නැගිටලා පාර්ලිමේන්තුව දෙකක් කරයි
00:38
Video thumbnail
ශ්‍රී පාද පද්මය වැදපුදා ගන්න ගිය නාමල් රාජපක්ෂ
01:10
Video thumbnail
නාමල් රාජපක්ෂ උතුම් වූ ශ්‍රී පාද පද්මය වැදපුදා ගන්න යයි.. චානක ඇතුළු සෙට් එකක්ම ගිහින්
01:41
Video thumbnail
AI විපක්ෂ නායකට සමන්ත කිව්ව සැර කතාව..AIවලින් නායකයෙක් හදාගන්න එක ඉතුරුවෙලා තියෙන්නේ
01:45
Video thumbnail
විදුලි කැපීම ගැන චානකගෙන් ප්‍රබල හෙළිදරව්වක්..අනීතිකයි..සෙට් එකටම හීරේ යන්න වෙන දෙයක් මේ
04:08