AFC Banner
AFC Banner
Empty Ad

බ්‍රිතාන්‍ය ගුවන් සමාගම මගීන්ගෙන් සමාව ඉල්ලයි

ඇමරිකා එක්සත් ජනපදයෙන් පිටත් වීමට නියමිතව තිබූ ගුවන් ගමන් පැය කිහිපයක් ප්‍රමාද වීම පිළිබඳ බ්‍රිතාන්‍ය ගුවන් සමාගම මගීන්ගෙන් සමාව ඉල්ලා තිබෙනවා.

එහි තෙවන පාර්ශවයක් වන පියාසැරි සැලසුම් සැපයුම්කරු සමඟ සිදුව ඇති තාක්ෂණික ගැටලුවක් පිළිබඳව කඩිනමින් විමර්ශනය කරන බවයි ගුවන් සමාගම පවසන්නේ .

මෙම ප්‍රමාදය හේතුවෙන් මගීන් ගුවන් තොටුපලවල පැය ගණන් රැඳී සිටින බවට වාර්තා කර තිබෙනවා.

හැකි ඉක්මනින් ගුවන් යානා පිටත් කර හැරීම තම අරමුණ බව පවසන ගුවන් සමාගම, ප්‍රකාශ කළේ තම ගනුදෙනුකරුවන්ගේ සැලසුම්වලට යම් බාධාවක් සිදු වුවහොත් ඒ පිළිබඳ කණගාටු වන බවයි.

ජෝන් එෆ් කෙනඩි ජාත්‍යන්තර ගුවන් තොටුපලේ පැය තුනකට වැඩි කාලයක් රැඳී සිටීම ගැන මගීන් කනස්සල්ල පළ කරමින් ට්විටර් සටහන් තබා තිබෙනවා.

ඇතැම් මගින් සඳහන් කර ඇත්තේ ඔවුන් නැවත ගුවන් තොටුපළ මගී පර්යන්තයට රැගෙන යාමට පෙර පැය ගණනාවක් ධාවන පථවල නවතා තිබූ ගුවන් යානා තුල අසුන්ගෙන සිටින බවයි.

නිවේදනයක් නිකුත් කරමින් බ්‍රිටිෂ් එයාර්වේස් මෙලෙස ප්‍රකාශ කර තිබෙනවා. “අපගේ තෙවන පාර්ශවීය පියාසැරි සැලසුම් සැපයුම්කරුගේ තාක්ෂණික දෝෂයක් හේතුවෙන් අද රාත්‍රියේ ඇමරිකා එක්සත් ජනපදයෙන් පිටත් වීමට නියමිත අපගේ ගුවන් ගමන් දැනට ප්‍රමාද වී ඇති අතර, අපි එය කඩිනමින් විමර්ශනය කරමින් සිටිමු. “අපගේ ගනුදෙනුකරුවන්ගේ සැලසුම්වලට මෙමගින් කිසියම් බාධාවක් සිදුවන්නේ නම් ඒ පිළිබඳ අපට කණගාටුයි, අපගේ අරමුණ මෙම ගුවන් ගමන් හැකි ඉක්මනින් පිටත්වීමයි.”

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජන රැල්ල නාමල්ට කැරකෙයි - සෙල්ෆි ගන්න ආච්චිලත් පොරකයි
03:17
Video thumbnail
🔴2025 අයවැය පාර්ලිමේන්තු විවාදය පස්වැනි දිනය සජීවීව
05:29:12
Video thumbnail
මන්ත්‍රීවරුන්ට නැවත අවි ලබා දීමේ සුදානමක් ? පාඨලී ආන්දෝලනාත්මක ප්‍රකාශයක් කරයි
12:14
Video thumbnail
ඩිෆෙන්ඩරෙන් ඇවිත් යායට වෙ#තිබ්බා...#1million #viralvideo
01:32
Video thumbnail
ලක්ෂ 12ට විට්ස් කාර් එකක් ගන්න පුළුවන් කියලා මම කිව්වේ නෑ
00:58
Video thumbnail
ලක්ෂ 12ට විට්ස් කාර් එකක් ගන්න පුළුවන් කියලා මම කිව්වේ නෑ - ඇමති නලීන් කියයි
02:10
Video thumbnail
මන්ත්‍රීවරියක් නිසා මැතිසබේ කචල් - හර්ෂට සීන් එකට නහුතෙටම තදවෙයි
11:52
Video thumbnail
ලක්ෂ 20 දී ත්‍රීවීල් එකක් ගත්තොත් මේ පාර මාලිමාවට කියලා ස්ටිකර‍යක් නොමිලේ...
04:21
Video thumbnail
සජබ මන්ත්‍රීට පාතාල ත#ජන #dasathamidnewstoday #dasathanews #live
01:04
Video thumbnail
යළි පාතාල බිය නංවමින් සජබ මන්ත්‍රී ජගත්ට ආපු පාතාල ත#ජන
14:03

?