බ්‍රිතාන්‍ය අගමැති පුටුව රිෂී සුනාක්ට හිමිවන ලකුණු

මේ වනවිට පුරප්පාඩුව පවතින බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය ධුරයට එරට හිටපු මුදල් අමාත්‍ය රිෂී සුනාක් පත්වනු ඇති බවට විදෙස් වාර්තා සඳහන් කරනවා.

බ්‍රිතාන්‍ය පාලක පක්ෂය වන කොන්සර්වේටිව් පක්ෂයේ නායකත්ව සටනේ ඉදිරියට පැමිණීමට මේ වනවිට රිෂී සුනාක් සමත්ව ඇති අතර, බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය ධුරය හිමිවන්නේ එරට පාලක පක්ෂයේ නායකයාටයි.

42 හැවිරිදි වියේ පසුවන රිෂී සුනාක් ඉන්දීය සම්භවයක් ඇති පුද්ගලයෙක්.

බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය ධුරය සඳහා කොන්සර්වේටිව් පක්ෂයේ ප්‍රබලයින් පස්දෙනෙක් මේ වනවිට සටනට එක්ව ඇති අතර හිටපු මුදල් අමාත්‍ය රිෂී සුනාක්, විදේශ කටයුතු අමාත්‍යවරිය ලිස් ට්‍රස්, වෙළඳ රාජ්‍ය අමාත්‍ය පෙනී මොර්ඩෝන්ට්, පාර්ලිමේන්තු මන්ත්‍රී කෙමී බෙඩ්නොක් සහ පාර්ලිමේන්තු මන්ත්‍රී ටොම් ටුගෙන්ඩාට් ඔවුන් පස්දෙනායි.

එම පක්ෂයේ මන්ත්‍රීවරු 358 දෙනෙකු සිටින අතර, ඉන් වැඩි පිරිසකගේ විශ්වාසය දිනාගන්නා පුද්ගලයා කොන්සර්වේටිව් පක්ෂයේ නායකයා සහ එරට අග්‍රාමාත්‍යවරයා බවට පත් වනවා.

කොන්සර්වේටිව් පක්ෂය තුළින්ම එල්ල වූ විරෝධය හමුවේ අග්‍රාමාත්‍ය ධුරයේ කටයුතු කළ බොරිස් ජොන්සන්ට එම ධුරයෙන් සහ පක්ෂ නායකත්වයෙන් ඉවත්වීමට සිදු වුණා.

සිය ඉල්ලා අස්වීම නිවේදනය කරමින් බොරිස් ජොන්සන් සඳහන් කළේ බ්‍රිතාන්‍ය ට නව අගමැතිවරයෙන් පත්වන තුරු තමන් එම පුටුවේ රැඳී සිටින බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !