බ්‍රිගේඩියර්වරයෙක් මේජර් ජෙනරාල් ධුරයට උසස් කරන්න අධිකරණ නියෝගයක්

පාබල හමුදාවේ බ්‍රිගේඩියර් චන්දන රණවීර මහතා මේජර් ජනරාල් ධුරයට උසස් කිරීම සඳහා ජනාධිපතිවරයා වෙත නිර්දේශ ඉදිරිපත් කරන ලෙස අභියාචනාධිකරණය අද යුද හමුදාපතිවරයා වෙත නියෝගයක් නිකුත් කර තිබෙනවා.

එසේම පෙත්සම්කාර බ්‍රිගේඩියර්වරයාට හිමිවිය යුතු හිඟ දීමනා සහ වැටුප් වර්ධක ලබා දීමට කටයුතු කරන ලෙසටයි අධිකරණ නියෝගයේ සඳහන් වූයේ.

බ්‍රිගේඩියර් චන්දන රණවීර මහතා ගොනු කර තිබූ රිට් පෙත්සමක් විභාගයට ගැනීමෙන් අනතුරුව අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ චමත් මොරායස් යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් මෙම නියෝග නිකුත් කළා.

තමන් මේජර් ජෙනරාල් ධුරයට උසස් වීම සදහා සියලු සුදුසුකම් සපුරා තිබියදීත් පදනම් විරහිත චෝදනා එල්ල කර එම ධුරයට උසස් කිරීම වෙනුවෙන් ජනාධිපතිවරයා වෙත නිර්දේශ ඉදිරිපත් නොකිරීමට හමුදාපතිවරයා කටයුතු කරමින් සිටින බව පෙත්සම්කරු පවසනවා.

යුද හමුදාපතිවරයාගේ එම තීරණය බල රහිත කිරීමේ රිට් ආඥාවක් නිකුත් කරන ලෙසත් තමන්ව උසස් කිරීම සඳහා නිර්දේශ කරන ලෙසත් ඉල්ලමිනුයි පෙත්සම්කාර බ්‍රිගේඩියර්වරයා විසින් මෙම පෙත්සම අභියාචනාධිකරණය හමුවේ ගොනු කර තිබුණේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
5
+1
1
+1
3
+1
2
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
චණ්ඩ වූ කාළගුණයෙන් පසු කඩුගන්නාවේ නවතම තත්ත්වය..කොච්චර ලස්සනට තිබ්බ තැන්ද මේ
01:05
Video thumbnail
ජනාධිපතිතුමා දීපු පොරොන්දුව බොරුවක්..?
02:20
Video thumbnail
දෙවියනේ..සෝමාවතිය පුදබිමට වෙලා තියෙන දෙයක්
00:33
Video thumbnail
සමන්තයි,සංචාරක නි.ඇමතියි සුද්දෝ එක්ක දැම්ම සුපිරි ඩාන්ස් එක
00:33
Video thumbnail
මළ ගෙදර දී නාමල් වටකරගෙන කොල්ලෝ කෙල්ලෝ සෙල්ෆි ගනී
01:56
Video thumbnail
සෝමාවතියේ චෛත්‍යය මළුව ජල කඳින් ය#වෙලා..මහ ජලකඳ මැද්දේ අලියෙක් සෙල්ලම් කරන හැටි
01:13
Video thumbnail
සර් මට පොල්ලක් කැඩෙනකම් ගැ#වා - මාව වෙව්ලුවා..මව කඳුළු වගුරමින් දරුවාට වූ අසාධාරණය හෙළිකරයි
07:10
Video thumbnail
ආණ්ඩුව ඔක්කොම අනාගන්නවා - කිසිම සැලැස්මක් නෑ
07:09
Video thumbnail
76ක පාලනය ඇතුළත ඖෂධ බ්‍රිතාන්‍ය ප්‍රමිතියෙන් පහළට ගෙනාවේ නෑ..ජීවිතය ඉල්ලගෙන එන ලෙඩාව ම# දාන ආණ්ඩුවක්
12:38
Video thumbnail
දින 23කට පසු උඩරට මැණිකේ බදුල්ලෙන් අඹේවෙල දක්වා ගමන් අරඹයි..අත්දැකීම විඳගන්න සිය ගාණක් අද එකතුවෙලා
02:10


?