AFC Banner
AFC Banner
Empty Ad

බ්‍රසීලය තුළ එක්ස් තහනම්

ලතින් ඇමරිකාවේ විශාලතම රාජ්‍ය වන බ්‍රසීලය තුළ එක්ස් සමාජ මාධ්‍ය වහාම අත්හිටුවීමට එරට ශ්‍රේෂ්ඨාධිකරණය මඟින් නියෝග කර තිබෙනවා.

එක්ස් සමාජ මාධ්‍ය ජාලය සඳහා නීත්‍යානුකූල නියෝජිතයෙකු නම් කිරීම එහි ප්‍රකෝටිපති හිමිකරු එලොන් මස්ක් ප්‍රතික්ෂේප කිරීමත් සමඟ මෙම අධිකරණ නියෝගය නිකුත් කර ඇති බවයි වාර්තා වුණේ.

මෙම නියෝගයත් සමඟ ඉදිරි පැය 24 තුළ මෙම සමාජ මාධ්‍ය වේදිකාව එරට තුළ ලබාගත නොහැකි වනු ඇතැයි අපේක්ෂා කෙරෙනවා.

මේ අතර එක්ස් සමාජ මාධ්‍ය වේදිකාවට ප්‍රවේශ වීම සඳහා VPN (අතථ්‍ය පුද්ගලික ජාලය) වැනි ක්‍රම භාවිත කරන්නන්ට බ්‍රසීලියානු රියල් 50,000ක් නියම කරන බව ද අධිකරණය මඟින් නියෝග කර තිබෙනවා.

එක්ස් සමාජ මාධ්‍ය ජලය විසින් බ්‍රසීලය තුළ නව නීති නියෝජිතයෙකු නම් කර බ්‍රසීලියානු නීතිය උල්ලංඝණය කිරීම සම්බන්ධයෙන් දඩ මුදල් ගෙවන තෙක් මෙම තහනමක් ක්‍රියාත්මක වන බවයි අධිකරණය සඳහන් කර ඇත්තේ.

මෙම නියෝගය නිකුත් කළ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ඇලෙක්සැන්ඩ්‍රේ ද මොරායස් සහ එක්ස් හිමිකරු එලොන් මස්ක් අතර මාස ගණනාවක් පුරා මේ සම්බන්ධයෙන් අර්බුදයක් පැවතියා.

විනිසුරු ඇලෙක්සැන්ඩ්‍රේ ද මොරායස්ගේ මෙම තීරණය සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වමින් එලොන් මස්ක් සඳහන් කළේ, නිදහස් භාෂණය ප්‍රජාතන්ත්‍රවාදයේ පදනම වන අතර, බ්‍රසීලයේ ව්‍යාජ විනිසුරුවරයෙකු දේශපාලන අරමුණු සඳහා එය විනාශ කරන බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
2
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කොටහේනේ අවි ගත්තෝ අවි පෙන්න ගිහින් පොලිස් අවියෙන්ම අවසන් ගමන් යයි
01:17
Video thumbnail
කොටහේනේ වෙ# තැබීම නිසා පොලිස් ආරක්ෂාව දැඩි කරයි
07:02
Video thumbnail
සජබයයි - මාලිමාවයි සැර වලියක්
16:35
Video thumbnail
කොටහේන වෙ#ක්කරුවන් අල්ලපු පොලිස් මෙහෙයුම #dasathamidnewstoday #dasathanews #live
00:46
Video thumbnail
කොටහේන වෙ#ක්කරුවන් අල්ලපු පොලිස් මෙහෙයුම
04:06
Video thumbnail
රැවුල මොකද ? ගැළපෙන්නේ නෑ නේද ? - මොකද්ද ප්‍රශ්නේ මම Brand එකක්
01:00
Video thumbnail
කොටහේනේ මේ දැන් වෙ# තැබීමකින් පුද්ගලයෙක් මියයයි #kotahena# #live #dasathamidnewstoday #dasathanews
00:27
Video thumbnail
KASTHIRAMA | පා.ම චන්දිම හෙට්ටිආරච්චි සහ සජබ විධායක කමිටු සාමාජික මහේෂ් සේනානායක සහභාගීවන කස්තිරම
01:26:54
Video thumbnail
ගනේමුල්ල සංජීව මිහිදන් කරලා පොඩි වෙලාවයි - කොටහේනේ වෙ#ඩි පත්තු වෙයි
09:44
Video thumbnail
පාතාලය ඉවර කරන්න ජනපති ලෑස්තියි
07:46

?