බ්‍රසීලය තුළ එක්ස් තහනම්

ලතින් ඇමරිකාවේ විශාලතම රාජ්‍ය වන බ්‍රසීලය තුළ එක්ස් සමාජ මාධ්‍ය වහාම අත්හිටුවීමට එරට ශ්‍රේෂ්ඨාධිකරණය මඟින් නියෝග කර තිබෙනවා.

එක්ස් සමාජ මාධ්‍ය ජාලය සඳහා නීත්‍යානුකූල නියෝජිතයෙකු නම් කිරීම එහි ප්‍රකෝටිපති හිමිකරු එලොන් මස්ක් ප්‍රතික්ෂේප කිරීමත් සමඟ මෙම අධිකරණ නියෝගය නිකුත් කර ඇති බවයි වාර්තා වුණේ.

මෙම නියෝගයත් සමඟ ඉදිරි පැය 24 තුළ මෙම සමාජ මාධ්‍ය වේදිකාව එරට තුළ ලබාගත නොහැකි වනු ඇතැයි අපේක්ෂා කෙරෙනවා.

මේ අතර එක්ස් සමාජ මාධ්‍ය වේදිකාවට ප්‍රවේශ වීම සඳහා VPN (අතථ්‍ය පුද්ගලික ජාලය) වැනි ක්‍රම භාවිත කරන්නන්ට බ්‍රසීලියානු රියල් 50,000ක් නියම කරන බව ද අධිකරණය මඟින් නියෝග කර තිබෙනවා.

එක්ස් සමාජ මාධ්‍ය ජලය විසින් බ්‍රසීලය තුළ නව නීති නියෝජිතයෙකු නම් කර බ්‍රසීලියානු නීතිය උල්ලංඝණය කිරීම සම්බන්ධයෙන් දඩ මුදල් ගෙවන තෙක් මෙම තහනමක් ක්‍රියාත්මක වන බවයි අධිකරණය සඳහන් කර ඇත්තේ.

මෙම නියෝගය නිකුත් කළ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ඇලෙක්සැන්ඩ්‍රේ ද මොරායස් සහ එක්ස් හිමිකරු එලොන් මස්ක් අතර මාස ගණනාවක් පුරා මේ සම්බන්ධයෙන් අර්බුදයක් පැවතියා.

විනිසුරු ඇලෙක්සැන්ඩ්‍රේ ද මොරායස්ගේ මෙම තීරණය සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වමින් එලොන් මස්ක් සඳහන් කළේ, නිදහස් භාෂණය ප්‍රජාතන්ත්‍රවාදයේ පදනම වන අතර, බ්‍රසීලයේ ව්‍යාජ විනිසුරුවරයෙකු දේශපාලන අරමුණු සඳහා එය විනාශ කරන බවයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාස්කුවේ විත්තිකරුවන් නව දෙනෙකු නිදොස් කොට නිදහස්
00:43
Video thumbnail
දෙයියෝ පෙනි පෙනි භූතයෝ පිටිපස්සෙ ජනතාව ගියේ
01:30
Video thumbnail
අගමැති පට්ටම හරිනිගෙන් ගලවලා JVP කෙනෙක්ට දෙන්න යන්නේ ?
01:31
Video thumbnail
දෙයියෝ පෙනි පෙනි භූතයෝ පිටිපස්සෙ ජනතාව ගියේ - දැන් දේවාලයට වදින්න පුළුවන් වෙයි
02:23
Video thumbnail
විපක්ෂය දුර්වලයි කියද්දි රෝහණට යකා නැග්ගද ?එයාලා එක්ක ග#ගන්නද කියන්නේ ?
02:56
Video thumbnail
ලෝකය දකින නායකයෙක් සජිත් කියන්නේ - ආතල් එකට බොරු කියලා චූන් කරන්නේ නෑ
02:53
Video thumbnail
කටට එන දෙයක් කියන නායකයෙක් බවට ජනාධිපති පත්වෙලා.. කතාවලට වැලිව් එකක් නෑ
02:06
Video thumbnail
අගමැති පට්ටම හරිනිගෙන් ගලවලා JVP කෙනෙක්ට දෙන්න යන්නේ ?රෝහණගෙන් ප්‍රබල හෙළිදරව්වක්
02:12
Video thumbnail
සජබය පාරේ විරෝධතාවයක් තියෙන්නේ පාර්ලිමේන්තුවේ බලය නැති නිසාද ?
03:40
Video thumbnail
වැරදි කරපු අය ආවේ නැති වුණාට කමක් නෑ..අපේ ගොඩට ගන්න සූදානම් නෑ
03:22