බ්‍රදර් චාල්ස්ගේ ‘සිහිනය’ පන්සලේ පෙන්වූ විහාරාධිපති හිමිගේ ප්‍රධාන අධිකරණ සංඝ නායක පදවිය අත්හිටුවයි

පාදෙණිය රජමහා විහාරස්ථානයේ විහාරාධිපති කටුමුළුවේ සුමනරත්න හිමියන්ට පිරිනමා තිබූ දේවමැදි හත්පත්තුවේ ප්‍රධාන අධිකරණ සංඝ නායක පදවිය අත්හිටුවා තිබෙනවා.

මෙම අත්හිටුවීම සම්බන්ධයෙන් වන දැනුම්දීම මල්වතු පාර්ශ්වයේ මහා නායක අති පූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල නාහිමියන් විසින් ලිපියක් මඟින් යොමුකර ඇති බවයි වාර්තා වන්නේ.

පාර්ශ්ව රැසකින් විරෝධතා එල්ල වී තිබිය දී, සාසුනායක කාරක මහාසංඝ සභාවේ නියමයන් උල්ලංඝනය කරමින් පසුගිය 17 වනදා; චාල්ස් තෝමස් සහෝදරතුමන්ගේ ‘සිහින’ නැමැති වැඩසටහන පාදෙණිය රජමහා විහාරස්ථානයේ දී පැවැත්වීම හේතුවෙන් මෙලෙස කටුමුළුවේ සුමනරත්න හිමියන්ගේ ප්‍රධාන අධිකරණ සංඝ නායක පදවිය අත්හිටුවීමට කටයුතු කර ඇති බව සඳහන්.

1 4
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
50
+1
59
+1
188
+1
13
+1
33
+1
17
+1
37
Subscribe
Notify of
13 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?