බස් රථවලට AI තාක්ෂණ කැමරා සවි කිරීම ඇරඹේ

බස් රථවල අනතුරු අවම කිරීමේ අරමුණින් නව ව්‍යාපෘතියක් ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන්සේවා අමාත්‍යාංශය විසින් ආරම්භ කර තිබෙනවා.

ඒ, අනුව ලංගම බස් රථවල AI තාක්ෂණ කැමරා සවිකිරීම මේ වනවිට පිඉයවර ගෙන ඇති බවයි එම අමාත්‍යාංශය සඳහන් කළේ.

නියමු ව්‍යාපෘතියක් ලෙස මෙම නව ව්‍යාපෘතිය ක්‍රියාත්මක කෙරෙන අතර එය අමාත්‍ය බිමල් රත්නායකගේ ප්‍රධානත්වයෙන් කතරගම ලංගම ඩිපෝවේ දී ඊයේ ආරම්භ කෙරුණා.

එමඟින් රියදුරුගේ හැසිරීම නිරීක්ෂණය කර රියදුරු දැනුවත් කිරීමට අවශ්‍ය පියවර ගනු ලබනවා.

රියදුරුගේ වෙහෙසකාරී තත්ත්ව සහ නින්දයාම, ඇස් පියවීම ආදිය නිරීක්ෂණය කිරීමට මෙම නව AI තාක්ෂණ කැමරා පද්ධතියට හැකියාව පවතිනවා.

ඊට අමතරව මාර්ග නීති පිළිපැදීම සහ බඳපටි පැළඳ සිටීම ආදිය නිරීක්ෂණය කර රියදුරන් වෙත සංඥා නිකුත් කිරීම ද මෙම පද්ධතිය මඟින් සිදුකෙරෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
0
+1
2
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?