බස් – බස් ගැටුමක් – (වීඩියෝ සහිතයි)

බදුල්ල දෙසට ධාවනය වූ ලංගම බස් රථයකට මඟ අවහිර කරමින් පෞද්ගලික බස් රථයක් නැවැත්වීමට උත්සහ කිරීමේදී සිදුවූ අනතුරකින් පසු උණුසුම් තත්ත්වයක් හටගත් බව “අද දෙරණ“ වාර්තාකරු පැවසීය.

බල්ලකැටුව සිට බදුල්ල දක්වා ධාවනය වන එම ලංගම බස් රථය හාලිඇල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ඉදිරිපිට බස් නැවතුමේ නවතා ඇත්තේ මගීන් නංවා ගැනීමටය.

ඒ අසලට පැමිණෙන කොළඹ සිට බදුල්ල බලා ධාවනය වන පෞද්ගලික බස් රථය ලංගම බස් රථයට ඉස්සර කර මඟ අවහිර කරමින් නවතා තිබේ.

එහිදී පෞද්ගලික බස් රථය ලංගම බසයේ ගැටීමෙන් බස් රථ දෙකටම හානි ද සිදුවිණි.

අනතුරින් පසු පෞද්ගලික බස් රථයේ රියදුරු සහ සහායකයා තමන්ට පහරදීමට උත්සාහ කළ බව ලංගම බස් රථයේ රියදුරු පැවසීය.

එය තහවුරු වන්නේ පෞද්ගලික බස් රථයේ සහායකයා යකඩ මුඟුරක් රැගෙන පැමිණෙන ආකාරය අප කැමරාවේ සටහන් විය.

පෞද්ගලික බස් රථයේ රියදුරු පැවසුවේ, තමන්ට ඉස්සර කර යාමට ලංගම බස් රථය ඉඩ නොදුන් නිසා එම තත්ත්වය හටගත් බවය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?