බස් ගාස්තුත් ඉහළ යන ලකුණු

ඉන්ධන මිල ඇතුළු වියදම් ඉහළ යාම හේතුවෙන් ජූලි මාසයේදී සිදුවන වාර්ෂික ගාස්තු සංශෝධනයේදී අවම බස් ගාස්තුව ඉහළ දැමීමට සිදුවන බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය පවසයි.

එම සංගමයේ සභාපති ගැමුණු විජේරත්න පැවසුවේ අවම බස් ගාස්තුව රුපියල් 40ක් කිරීමට සිදුවන බවයි.

මීට අමතරව සියලුම බස් ගාස්තු 50%කින් ඉහළ දැමීමට සිදුවන බව ද ඔහු පැවසීය.

පවතින ඉන්ධන තදබදය හේතුවෙන් වැඩි මුදලට ඩීසල් ලබා ගැනීමට බස් රථ වලට සිදුව ඇති බව ද ගැමුණු විජේරත්න සදහන් කරයි.

මේ මොහොතේ බස් ගාස්තු සංශෝධනයක් අපේක්ෂා නොකරන බවත්, නිසි ක්‍රමවේදයක් සකස් නොකළහොත් ජූලි මාසය වන විට ගාස්තු සංශෝධනය කිරීමට සිදුවන බවත් ගැමුණු විජේරත්න වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?