බවුමාට කේප්ටවුන් තරගය අහිමි වෙයි – එල්ගර්ට නායකත්වය

සංචාරක ඉන්දීය කණ්ඩායම සමඟ සෙන්චූරියන් හිදී පැවති බොක්සිං දින ටෙස්ට් තරගයෙන් දැවැන්ත ජයක් ලැබීමට දකුණු අප්‍රිකානු කණ්ඩායම සමත් වුණා.

දකුණු අප්‍රිකානු කණ්ඩායම ඉන්දියාව පරාජය කරමින් මෙම තරගය ජය ගත්තේ ඉනිමකින් සහ ලකුණු 32කින්.

මේ අතර දෙරට අතර නිමා වූ මෙම ටෙස්ට් තරගය අතර තුර ආබාධයකට ලක් වූ දකුණු අප්‍රිකානු කණ්ඩායමේ නායක ටෙම්බා බවුමා කේප්ටවුන් හිදී පැවැත්වෙන දෙවන ටෙස්ට් තරගයට එක් නොවන බවයි වාර්තා වන්නේ.

පන්දුවක් රැකගැනීමට යාමේ දී මස්පිඩුවල ඇති වූ ආබාධයක් හේතුවෙන් ඔහුට පිටියෙන් ඉවත්වීමට සිදු වූ අතර, මේ හේතුවෙන් ඔහුට දකුණු අප්‍රිකාව පිතිකරණය යෙදුනු පළමු ඉනිමේ දී පන්දුවට පහර දීමට ද අවස්ථාව හිමිවූයේ නැහැ.

මේ අතර දෙරට අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් තරගයේ දී ඩීන් එල්ගර් දකුණු අප්‍රිකානු පිළට නායකත්වය ලබාදෙන අතර, සුබේර් හම්සා, බවුමා වෙනුවට දකුණු අප්‍රිකානු සංචිතයට එක්කර ඇති බවයි ක්‍රීඩා මාධ්‍ය වාර්තා කළේ.

ඒ, අනුව ඩීන් එල්ගර්ට තමන් ජාත්‍යන්තර ටෙස්ට් පිටියේ සහභාගීවන අවසන් ටෙස්ට් තරගයට නායකත්වය ලබාදීමට අවස්ථාව උදා වී තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
1
+1
1
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
GMOA එකෙන් ඇමති නලින්දට අභියෝගයක්..ප්‍රථමයෙන්ම පැමිණිලි කරන්න ඕනි ඔයාට විරුද්ධව
11:01
Video thumbnail
මේ ආණ්ඩුවට බෑ කියලා උඩ ඉන්න දෙයියෝත් දන්නවා
06:23
Video thumbnail
යතුරුපැදිකරු බරපතළ කළ බිහිසුණු අනතුර..බයික් එක කුඩේ කුඩු
01:04
Video thumbnail
විපක්ෂයට වෙන කියන්න දෙයක් නැති නිසා ගල් අඟුරු ගැන කියවන්නේ
05:03
Video thumbnail
විදුලි බිල 50%වත් වැඩි කරන්න ඕනිලු..ජනාධිපතිතුමා වැඩ බැරි ඇමතිලා ගෙදර යවන්න
01:47
Video thumbnail
පෙරටුගාමීන් පාරට බැහැලා නගරයම දෙකක් කරයි..අපේ රට යුද පිටියක් වෙන එක නවත්තන්න බැහැ
07:45
Video thumbnail
මිහින්තලේ ප්‍රදේශයට දැඩි වර්ෂාපතනයක් ඇද හැලුනු හැටි මෙන්න
01:16
Video thumbnail
හෝටලයක රැදී සිටි විදේශීය ජාතිකයින් 150ක් අත්අඩංගුවට..කොහොමද දීලා තියෙන ගේම
01:38
Video thumbnail
යතුරුපැදියක් බස් රථයක සහ ත්‍රීරෝද රථයක ගැටී සිදුවූ බිහුසුණු අනතුර..CCTV කැමරාවේ සටහන් වූ හැටි
01:22
Video thumbnail
නුවරඑළියට මහ වැසි පතිත වුණ හැටි
00:26