spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

බවුමාට කේප්ටවුන් තරගය අහිමි වෙයි – එල්ගර්ට නායකත්වය

සංචාරක ඉන්දීය කණ්ඩායම සමඟ සෙන්චූරියන් හිදී පැවති බොක්සිං දින ටෙස්ට් තරගයෙන් දැවැන්ත ජයක් ලැබීමට දකුණු අප්‍රිකානු කණ්ඩායම සමත් වුණා.

දකුණු අප්‍රිකානු කණ්ඩායම ඉන්දියාව පරාජය කරමින් මෙම තරගය ජය ගත්තේ ඉනිමකින් සහ ලකුණු 32කින්.

මේ අතර දෙරට අතර නිමා වූ මෙම ටෙස්ට් තරගය අතර තුර ආබාධයකට ලක් වූ දකුණු අප්‍රිකානු කණ්ඩායමේ නායක ටෙම්බා බවුමා කේප්ටවුන් හිදී පැවැත්වෙන දෙවන ටෙස්ට් තරගයට එක් නොවන බවයි වාර්තා වන්නේ.

පන්දුවක් රැකගැනීමට යාමේ දී මස්පිඩුවල ඇති වූ ආබාධයක් හේතුවෙන් ඔහුට පිටියෙන් ඉවත්වීමට සිදු වූ අතර, මේ හේතුවෙන් ඔහුට දකුණු අප්‍රිකාව පිතිකරණය යෙදුනු පළමු ඉනිමේ දී පන්දුවට පහර දීමට ද අවස්ථාව හිමිවූයේ නැහැ.

මේ අතර දෙරට අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් තරගයේ දී ඩීන් එල්ගර් දකුණු අප්‍රිකානු පිළට නායකත්වය ලබාදෙන අතර, සුබේර් හම්සා, බවුමා වෙනුවට දකුණු අප්‍රිකානු සංචිතයට එක්කර ඇති බවයි ක්‍රීඩා මාධ්‍ය වාර්තා කළේ.

ඒ, අනුව ඩීන් එල්ගර්ට තමන් ජාත්‍යන්තර ටෙස්ට් පිටියේ සහභාගීවන අවසන් ටෙස්ට් තරගයට නායකත්වය ලබාදීමට අවස්ථාව උදා වී තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
1
+1
1
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?