බලුකිස්තානයේ කාර් බෝම්බ පිපිරීමක් – 10 දෙනෙක්ට දිවි අහිමි වෙයි

පකිස්තානයේ බලුකිස්තාන පළාතේ පැරාමිලිටරි බලකායක මූලස්ථානයෙන් පිටත කාර් බෝම්බයක් පුපුරා යාමෙන් අවම වශයෙන් පුද්ගලයින් 10 දෙනෙකු මිය ගොස් තිබෙනවා.

26 දෙනෙකුට තුවාල සිදු වූ මෙම පිපිරීම, නිරිතදිග පළාතේ අගනුවර වන ක්වෙටා සලිත කළ බව මාධ්‍ය වාර්තා කළා.

පිපිරීමත් සමග දැවැන්ත දුමාරයක් අහසට නැගෙන අයුරු සීසීටීවී දර්ශනවල දැක්වුණා.

සිවිල් වැසියන් අට දෙනෙකු සහ පැරාමිලිටරි නිලධාරීන් දෙදෙනෙකු මිය ගිය පිරිසට අයත්.

පිපිරීමෙන් පසු ආරක්ෂක හමුදා සමඟ ඇති වූ වෙඩි හුවමාරුවකදී සටන්කාමීන් සිව් දෙනෙකු ද මිය ගොස් ඇතැයි සඳහන්.

ප්‍රහාරයේ වගකීම මෙතෙක් කිසිවෙක් භාර ගෙන නැහැ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?