බලශක්ති ඇමැතිගෙන් හෙළිදරව්වක්

අනවසරව ඉන්ධන ගබඩා කරගෙන සිටින ව්‍යාපාරික ස්ථාන 2100ක් ඇති බව හෙළි වී ඇතැයි බලශක්ති ඇමැති කංචන විජේසේකර මහතා පවසයි.

ඇමැතිවරයා ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් කියා සිටීයේ ඉදිරියේදී එවැනි ආයතන සඳහා මෙන්ම ලබාදී ඇති උපදේශයන් අනුගමනය නොකරන ආයතන සඳහා ඛනිජතෙල් සංස්ථාව ඉන්ධන නිකුත් නොකරන බවයි

ව්‍යාපාරික ස්ථාන සඳහා ඉන්ධන ගබඩා කර ගැනීමට ඛනිජතෙල් සංස්ථාව අවසර ලබාදී ඇතත් බොහෝ ආයතන එම අවසරය ලබා නොගෙන ඉන්ධන ගබඩා කරගෙන සිටින බවට වාර්තා වී ඇතැයිද ඇමැතිවරයා සිය ට්විටර් පණිවුඩයේ වැඩිදුරටත් සඳහන් කර ඇත.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
6
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?