අම්බලන්ගොඩ ජනප්‍රිය පාසලක නියෝජ්‍ය විදුහල්පතිවරයෙකුට වෙඩි

කොළඹ – ගාල්ල ප්‍රධාන මාර්ගයේ බලපිටිය, රන්දොඹේ ප්‍රදේශයේ අද (26) උදෑසන වෙඩි තැබීමක් සිදුව තිබෙනවා.

මෙලෙස වෙඩි ප්‍රහාරයට ලක්ව ඇත්තේ අම්බලන්ගොඩ ප්‍රදේශයේ ජනප්‍රිය පාසලක නියෝජ්‍ය විදුහල්පතිවරයෙකු ලෙස කටයුතු කරන ගුරුවරයෙක් බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

වෙඩි ප්‍රහාරයෙන් තුවාල ලැබූ පුද්ගලයා ප්‍රතිකාර සඳහා බලපිටිය මූලික රෝහලට ඇතුළත්කර තිබෙනවා.

ඔහු අද (26) උදෑසන යතුරුපැදියකින් ගමන්කරමින් සිටිය දී මෙලෙස වෙඩි ප්‍රහාරයකට ලක්ව ඇති බවයි අප වාර්තාකරු වැඩිදුරටත් සඳහන් කළේ.

යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් මෙම වෙඩි තැබීම සිදුකර පලාගොස් ඇති බවයි වාර්තා වන්නේ.

වෙඩි ප්‍රහාරයට ලක් වූ තැනැත්තාගේ අතකට තුවාල සිදුව ඇති අතර, මේ වනවිට ඔහු ශල්‍යකර්මයකට භාජනය කර ඇති බවයි වාර්තා වුණේ.

මෙලෙස වෙඩි ප්‍රහාරයට ලක් වීමෙන් පසු නියෝජ්‍ය විදුහල්පතිවරයා යතුරුපැදිය නොනවත්වා අම්බලන්ගොඩ පොලීසිය වෙත ධාවනය කර ඇති අතර, පොලීසිය අසල දී ඔහු යතුරුපැදියෙන් බිම වැටී තිබෙනවා.

අනතුරුව පොලිස් නිලධාරීන් විසින් ඔහුව කඩිනමින් රෝහල් ගත කිරීමටයි පියවර ගෙන ඇත්තේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
1
+1
1
+1
4
+1
6
+1
3
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අද දහවල් පස්සරට මහා වර්ෂාවක් ඇඳ හැලුණු හැටි මෙන්න
01:22
Video thumbnail
ආණ්ඩුවට මේ පාදඩයා එක්ක තියෙන සම්බන්ධය මොකක්ද ? අගමැතිතුමිය ලැජ්ජා වෙන්න ඕනි
06:22
Video thumbnail
ශානි අබේසේකර ගෙදර යන්න
07:15
Video thumbnail
ගම්මන්පිලට යකා ආරූඪ වෙයි"මේක මගේ පොත නෙවෙයි..ව්‍යාජ එකක්"..රහස් පොලිසිය බුද්ධිමය දේපළ හොරකම් කරලා
06:03
Video thumbnail
ඩිල්කා, සුදාගෙන් මිලියන 100ක් ඉල්ලයි - Australia පොලිසියටත් පැමිණිලි
05:03
Video thumbnail
GMOA එකෙන් ඇමති නලින්දට අභියෝගයක්..ප්‍රථමයෙන්ම පැමිණිලි කරන්න ඕනි ඔයාට විරුද්ධව
11:01
Video thumbnail
මිනිස්සුන්ට බොන්න වතුරත් නැතිකරපු ආණ්ඩුවක් මේක
06:23
Video thumbnail
යතුරුපැදිකරු බරපතළ කළ බිහිසුණු අනතුර..බයික් එක කුඩේ කුඩු
01:04
Video thumbnail
විපක්ෂයට වෙන කියන්න දෙයක් නැති නිසා ගල් අඟුරු ගැන කියවන්නේ
05:03
Video thumbnail
විදුලි බිල 50%වත් වැඩි කරන්න ඕනිලු..ජනාධිපතිතුමා වැඩ බැරි ඇමතිලා ගෙදර යවන්න
01:47