බලංගොඩ, ගවරංහේන, වැහිංතැන්න ප්රදේශයේ නාය යෑමෙන් අතුරුදන් වූ එකම පවුලේ සිව්දෙනා සොයා මේ වනවිටත් මෙහෙයුම් සිදුකරන බවයි බලංගොඩ අප වාර්තාකරු සඳහන් කළේ.
බලංගොඩ සහ ඕපනායක පොලිසිස ස්ථානවල නිලධාරීන්, හමුදාව සහ ප්රදේශවාසීන් එක්ව මෙම මෙහෙයුම් සිදුකරනු ලබනවා.
ඊයේ (12) රාත්රී 7.30ට පමණ මෙම නාය යාම සිදුව ඇති අතර, මෙහිදී අතුරුදන්ව ඇත්තේ එකම පවුලේ මව පියා සහ දියණියන් දෙදෙනා බවයි වාර්තා වුණේ.
දියණියන් දෙදෙනා වයස අවුරුදු 11 සහ 15 යන වයස්වල පසු වූ බවයි අප වාර්තාකරු වැඩිදුරටත් සඳහන් කළේ.
ඊයේ (12) රාත්රී එම ප්රදේශයට බලපෑ වැසි සහිත කාලගුණ තත්ත්වයත් සමඟ පස්කන්ද නාය ගොස් ඇති අතර, එහිදි නිවාස තුනකට හානි සිදුව තිබෙනවා.
නායයාමට ලක් වූ ප්රදේශය අධික බෑවුම් සහිත ප්රදේශයක් වන අතර, අවට තවත් නිවාස කිහිපයක සිටි පුද්ගලයින් එම ස්ථානයෙන් ඉවත් කිරීමට ද ඊයේ රාත්රියේම කටයුතු කර ඇති බවයි වාර්තා වුණේ.




