බයිසිකලේ කුඩු වෙන්න වැදුණු වනඅලි ප්‍රහාරය

මහඉලුප්පල්ලම ක්ෂේත්‍ර බෝග සංවර්ධන ආයතනයේ ආරක්ෂක නිලධාරීන් දෙදෙනකු අද (04) උදෑසන එල්ල වූ වනඅලි ප්‍රහාරයකින් තුවාල ලබා ප්‍රතිකාර සඳහා රෝහල් ගත කර ඇතැයි සේනපුර රෝහල් ආරංචි මාර්ග පවසනවා.

දසත ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ; මහඉලුප්පල්ලම ක්ෂේත්‍ර බෝග සංවර්ධන ආයතනයේ ආරක්ෂක නිලධාරීන් ලෙස සේවයේ නිරතව සිටින ඔවුන් ඊයේ (03) සවස සිට අද උදෑසන තෙක් සිය සේවා මුරය අවසන් කර; නිවෙස් වෙත පැමිණීමේ දී මෙම ප්‍රහාරයට ලක් ව ඇති බවයි.

යතුරුපැදියෙන් යමින් සිටි එම ආරක්ෂක නිලධාරීන් දෙදෙනා එගොඩකැලේ දීයි මෙම ප්‍රහාරයට ලක් ව ඇත්තේ.

තුවාල ලැබූ නිලධාරීන්ව කඩිනමින් ප්‍රදේශවාසීන් එක් ව රෝහල්ගත කර තිබෙනවා.

මෙම ප්‍රහාරයෙන් පසුව වන අලියා විසින් නිලධාරීන් දෙදෙනා ගමන් ගත් යතුරුපැදියට ද දැඩි අලාභ හානි කරඇති අයුරුයි දක්නට ලැබුණේ.

වන අලි ප්‍රහාරයෙන් තුවාල ලැබූ එක් නිලධාරියෙකු මේ වනවිට වැඩිදුර ප්‍රතිකාර සඳහා අනුරාධපුර මහ රෝහලට මාරුකර යැවීමට නියමිත බවටත් තොරතුරු වාර්තා වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
2
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඔයාගේ ඉන්ධන ලබා ගන්න QR එකේ ප්‍රශ්නවලට මෙන්න උත්තර..QR එක තිබිලත් නැ කියලා සමහරු තෙල් ග#නවා
09:55
Video thumbnail
මේ ආණ්ඩුව හොඳයි අනේ
01:36
Video thumbnail
මේ ආණ්ඩුව පෙරළන්න බෑ - හොරකම් නෑනේ
02:39
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.03.17
04:17:17
Video thumbnail
කංචනට එන්න කියන්නම් - උද්දච්ච වෙන්න එපා
03:44
Video thumbnail
අල්ලස් කොමිසමට ආ හිටපු ජනාධිපති ගෝඨාභය පැය 3කට පසු පිටව යයි
01:19
Video thumbnail
QR එකේ ප්‍රශ්නය විසඳන්නේ නැතුව දැම්මේ ඇයි ? නලින්ද සියල්ල හෙළිකරයි..100%ක්ම හදලා ඉදිරිපත් කරන්න බෑනේ
04:36
Video thumbnail
මාලිමාව බහුජන බලයට බයයි - L බෝඩ් ආණ්ඩුවක් කියලා අපි කිව්වනේ
09:20
Video thumbnail
රාජපක්ෂලා, වික්‍රමසිංහලා ,ප්‍රේමදාසලාගේ සුද්දය නිසා ඉස්සර QR ආවේ..බිමල් සැරටම කිව්ව කතාව
04:54
Video thumbnail
පැය ගාණක් පෝලිමේ හිටියා - දැන් තෙල් නෑ
01:06