බයිඩ්න් හමුවේ දී චීන නායකයා ට්‍රම්ප් ගැන කියූ දේ

චීන ජනාධිපති ෂී ජින්-පින් වත්මන් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සමග වැඩ කිරීමට කැමති බව නිවේදනය කර තිබෙනවා.

හිටපු ජනාධිපති ජෝ බයිඩ්න් සමග පැවති දෙපාර්ශ්වික අවසන් හමුවේදියි චීන නායකයා මේ බව අවධාරණය කර ඇත්තේ.

ඊයේ (16) පේරු රාජ්‍යයේ පැවති වාර්ෂික ආසියා – පැසිෆික් ආර්ථික සහයෝගීතා (ඇපෙක්) සමුළුවට එක් වූ අවස්ථාවේ දී චීන නායකයා මේ බව සඳහන් කළේ.

නමුත් අමෙරිකානු ජාත්‍යන්තර යුදමය ප්‍රතිපත්තිය සහ වෙළෙඳාම ද, තායිවානය සම්බන්ධයෙන් වන අර්බුදකාරී පිළිවෙත් ද ඇතැම් විට ගැටුම් ඇති කරවිය හැකි බවයි මෙහිදී හෙළි ව තිබෙන්නේ.

චීන ආනයන සඳහා තීරුබදු ඉහළ නැංවීමේ පොරොන්දුව ඇතුළු සාධක මගින් මෙහෙයවනු ලබන ට්‍රම්ප් මාස දෙකකින් නැවත බලයට පත් වූ විට අමෙරිකා – චීන සබඳතා තවත් අස්ථාවර වනු ඇතැයි විශ්ලේෂකයෝ සඳහන් කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කවුද මේවට අවසර දුන්නේ.. ජනාධිපතිතුමා සැර වෙයි
09:01
Video thumbnail
රටේ ව්‍යවසනයන් අතර ජාවාරම්කාරයන් ගැන අපි මෙහෙයුම් කළා..නාකොටික් DIG සියල්ල හෙළිකරයි
03:57
Video thumbnail
සජිත් ආණ්ඩුවට දෙහි කපයි
11:00
Video thumbnail
කාළගුණය වෙනස්වෙද්දි,වන ලැහැබෙන් එළි බැස්ස ගමේ දඟකාරයා  "වීරා"
00:36
Video thumbnail
බදුල්ල මඩකලපුව A5 මාර්ගය මිල්ලබැද්ද ප්‍රදේශයෙන් ගිලා බසියි..මුළු පාරම ඉවරයි..හැම තැනම ඉරිතලලා
03:22
Video thumbnail
විපතට පත් වූවන් සජිත් ළඟ දුක කියා හඬා වැටෙයි
04:09
Video thumbnail
ගංවතුරෙන් නිවාස ය#වීම නිසා කොටිකාවත්ත ගම්මු දැඩි අසරණවෙයි..සුද්ද කරන්න සුමාන දෙකක්වත් යයි
03:55
Video thumbnail
වෛද්‍යවරුන්ගෙන් ජනතාවට විශේෂ දැනුම්දීමක්
13:27
Video thumbnail
මඩේ එරුණු හෙලිකොප්ටරය ගොඩගත්ත මෙහෙයුම
01:11
Video thumbnail
මා#රයා ඔළුව උඩ තියන් ජීවත්වන බලංගොඩ, කිරිදිගල මිනිස්සු.."ඉක්මනට යමු කට්ටියම මේ ගම දාලා"
07:06


?