බඹර ප්‍රහාරයෙන් බේරීමට දිවයද්දී ගලකින් පහළට වැටී සිසුවා ජීවිතක්ෂයට

බඹර ප්‍රහාරයට ලක් වූ පුද්ගලයින් සිව්දෙනෙක් ඉන් බේරීමට දිවයාමේ දී එක් පුද්ගලයෙක් ගලකින් පහළට ඇදවැටී මියගොස් තිබෙනවා.

පොලිසිය සඳහන් කළේ මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ නුවරඑළිය, බඹරකැලේවත්ත ප්‍රදේශයේ පදිංචිව සිටි 16 හැවිරිදි සිසුවෙක් බවයි.

ඊයේ (20) දවස් කාලයේ නුවරඑළිය, බඹරකැලේවත්ත ප්‍රදේශයේ කැලෑවක දී මොවුන් සිව්දෙනා මෙම බඹර ප්‍රහාරයට ලක්ව ඇති බවයි වාර්තා වන්නේ.

එහි දී දිවයාමේ දී මෙම සිසුවා ගලකින් පහළට ඇදවැටී ඇති අතර, පසුව නුවරඑළිය නගර සභාවේ ගිනි නිවීමේ නිලධාරීන් සහ ප්‍රදේශවාසීන් විසින් බඹර ප්‍රහාරයට ලක්ව ඇදවැටී සිටි සිසුවා රෝහල් ගත කිරීමට කටයුතු කර තිබෙනවා.

එලෙස රෝහල් ගතකළ සිසුවා ජීවිතක්ෂයට පත්ව ඇති අතර, පශ්චාත් මරණ පරීක්ෂණය අද (21) දින සිදුකිරීමට නියමිත බව පොලිසිය වැඩිදුරටත් සඳහන් කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
3
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?