බමන මතින් මෝටර් රථයක් පැදවූ පොලිස් නිලධාරියාගේ වැඩ තහනම්

බීමතින් මෝටර් රථයක් ධාවනය කර අත්අඩංගුවට ගැනුණු පොලිස් නිලධාරියෙකුගේ සේවය අත්හිටුවීමට මඩකලපුව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා කටයුතු කර තිබෙනවා.

ඊයේ (17) දිනයේ සිට ක්‍රියාත්මකවන පරිදි අදාළ පොලිස් නිලධාරියාගේ සේවය අත්හිටුවා ඇති බවයි වාර්තා වන්නේ.

පෙරේදා (16) දහවල් කාලයේ අම්පාර කාවන්තිස්ස විද්‍යාලය අසළ දී බීමතින් රිය ධාවනය කිරීම සම්බන්ධයෙන් මෙම පොලිස් නිලධාරියා අත්අඩංගුවට ගෙන තිබුණා.

මෙලෙස අත්අඩංගුවට ගෙන තිබුණේ මඩකලපුව, ආයිත්තමලේ පොලිස් ස්ථානයට අනුයුක්තව රාජකාරී කළ පොලිස් නිලධාරියෙක් බවයි වාර්තා වුණේ.

අත්අඩංගුවට ගැනුණු මෙම පොලිස් නිලධාරියාට ලබන 23 වන දින අම්පාර මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසට දැනුම් දී ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

මේ අතර සැකකාර පොලිස් නිලධාරියා පැදවූ මෝටර් රථය පොලිස් ස්ථානයට රැගෙන යාම සඳහා කොට්ඨාස රථවාහන අංශයේ ස්ථානාධිපතිවරයා විසින් ක්‍රියා කරන අවස්ථාවේ දී ලබාගත් වීඩියෝවක් ද මේ ව්නවිය සමාජ මාධ්‍ය ජාලවල සංසරණය වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
7
+1
0
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?