බමන මතින් මෝටර් රථයක් පැදවූ පොලිස් නිලධාරියාගේ වැඩ තහනම්

බීමතින් මෝටර් රථයක් ධාවනය කර අත්අඩංගුවට ගැනුණු පොලිස් නිලධාරියෙකුගේ සේවය අත්හිටුවීමට මඩකලපුව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා කටයුතු කර තිබෙනවා.

ඊයේ (17) දිනයේ සිට ක්‍රියාත්මකවන පරිදි අදාළ පොලිස් නිලධාරියාගේ සේවය අත්හිටුවා ඇති බවයි වාර්තා වන්නේ.

පෙරේදා (16) දහවල් කාලයේ අම්පාර කාවන්තිස්ස විද්‍යාලය අසළ දී බීමතින් රිය ධාවනය කිරීම සම්බන්ධයෙන් මෙම පොලිස් නිලධාරියා අත්අඩංගුවට ගෙන තිබුණා.

මෙලෙස අත්අඩංගුවට ගෙන තිබුණේ මඩකලපුව, ආයිත්තමලේ පොලිස් ස්ථානයට අනුයුක්තව රාජකාරී කළ පොලිස් නිලධාරියෙක් බවයි වාර්තා වුණේ.

අත්අඩංගුවට ගැනුණු මෙම පොලිස් නිලධාරියාට ලබන 23 වන දින අම්පාර මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසට දැනුම් දී ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

මේ අතර සැකකාර පොලිස් නිලධාරියා පැදවූ මෝටර් රථය පොලිස් ස්ථානයට රැගෙන යාම සඳහා කොට්ඨාස රථවාහන අංශයේ ස්ථානාධිපතිවරයා විසින් ක්‍රියා කරන අවස්ථාවේ දී ලබාගත් වීඩියෝවක් ද මේ ව්නවිය සමාජ මාධ්‍ය ජාලවල සංසරණය වනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පළාත් සභා මැතිවරණය ගැන අහපු ප්‍රශ්නයට හරිනිට කට උත්තර නැතිවුණාද ?
00:20
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27
Video thumbnail
එල්නිනෝ තත්ත්වය ගැන සජිත්ගෙන් හෙළිදරව්වක් - ජනතාව දැවැන්ත සාගින්නකට මුහුණදීමේ ප්‍රවණතාවක්
05:48
Video thumbnail
බෙරගල පහළ විහාර ගල ගිනිතැබීම සිද්ධියේ වීඩියෝ එළියට ? පේනවද ගි#නි තියන හැටි ?
01:12
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාන්න ගිහින් වැඩ වැරදුණු පොලිසිය
00:56
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාලා තියෙන්නේ..මෙන්න පොලිසියේ කෙරුවාව - විලි ලැජ්ජා නැද්ද යකෝ?ආතල් ගන්න එපා
01:12
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු යනවද ?යන එක එයාගේ වැඩක්..අපි සහයෝගයෙන් වැඩ
01:10
Video thumbnail
පැහැදිලිවම රටේ ඊළඟ ජනාධිපති සජිත් ප්‍රේමදාස - නාමල් මහන්සිවෙලා විපක්ෂ නායකවත් වෙන්න
02:54
Video thumbnail
අගමැති හරිනිගෙන් සැර කතාවක් - රැගින්වලටනම් අපෙන් කිසි සමාවක් නෑ
02:56