බන්ධනාගාර නිලධාරියෙකුට මරණ තර්ජන

කොළඹ නව මැගසින් බන්ධනාගාරයේ සේවයේ නියුතු නියාමකවරයෙකුට සහ ඔහුගේ මවට පහරදුන් සිද්ධියකට අදාළව මූලික විමර්ශනයක් ආරම්භ කර ඇති බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසනවා.

බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක අතිරේක බන්ධනාගාර කොමසාරිස් ජනරාල් චන්දන ඒකනායක මහතා සඳහන් කළේ ඊයේ (12) අලුයම හිස් ආවරණ සහිතව පැමිණි නාඳුනන පුද්ගලයන් 3 දෙනෙකු අදාළ නිලධාරියාගේ මිනුවන්ගොඩ නිවසේදී මෙම පහරදීම සිදුකර ඇති බවයි.

නිවසට බලහත්කාරයෙන් ඇතුළු වී බන්ධනාගාරය තුළ හෙරොයින් නැවැත්වීමට උත්සාහ නොකර රැකියාව සිදු කර ගන්නා ලෙසට පවසමින් සැකකරුවන් බන්ධනාගාර නියාමකවරයාට තර්ජනය කර ඇති බවටයි හෙළිවී ඇත්තේ.

එමෙන්ම ගිනි අවි එල්ල කර මරණ තර්ජන සිදුකර බන්ධනාගාර නියාමකවරයාට සහ මවට පහරදී සොහොයුරියගේ ජංගම දුරකථනය ද ඔවුන් පොළොවේ ගසා තිබුණා.

බන්ධනාගාර නිලධාරියා දණ ගස්වා මාංචු දමා එහි ඡායාරූප සහ වීඩියෝ දර්ශන ද ලබාගෙන සැකකරුවන් පලාගොස් ඇති බවයි වාර්තා වන්නේ.

අදාළ නිලධාරියා බන්ධනාගාරය තුළ සිදුවන හෙරොයින් ජාවාරම් සම්බන්ධයෙන් දැඩිව නීතිය ක්‍රියාත්මක කළ අයෙක් වන අතර ඒ හේතුවෙන් බන්ධනාගාරය තුළ සිටින රැඳවියෙකුගේ උපදෙස් මත මෙය සිදුවී ඇති බවට පොලිසිය සැක කරනවා.

කොළඹ නව මැගසින් බන්ධනාගාරයේ විනය අංශයේ තරුණ නියාමකවරයෙකු වන මෙම නිලධාරියාගේ නිවසට ඊයේ අළුයම 4ට පමණ එම සැකකරුවන් යතුරුපැදියකින් පැමිණ ඇති බව වාර්තා වනවා.

එලෙස පැමිණි අයෙක් අදාළ නිලධාරියාගේ නිවසේ දොරට තට්ටු කරමින් මහත්තයා දොර අරින්න යනුවෙන් පැවසූවිට අදාළ නිලධාරියාගේ මව දොර විවෘත කර ඇති බවටයි හෙළිවන්නේ.

ඒ සමගම අදාළ නිලධාරියා කාමරයක් තුළ සිට පිටතට පැමිණ ඇති අතර නිවසට ඇතුළුවූ තිදෙනා ඔහුට පහරදී ZIP TIE පටියක් දෙඅත්වලට දැමීමට උත්සාහ දරා තිබේ.

එය ව්‍යාර්තවීම හේතුවෙන් ඔවුන්ගෙන් අයෙක් තමා හිසට ගිනි අවියක් තබා මරණ තර්ජනය කළ බවටයි බන්ධානාගර නියාමකවරයා පොලිසියට පවසා ඇත්තේ.

අනතුරුව මැරයින් තිදෙනා අදාළ නිලධාරියාට මෙලෙස පවසා ඇතැයි සඳහන්.

“උඹට හිරගෙදරම ගල්නේද?.. උඹ දැන් අපි ඉස්සරහත් ගල්වෙලා නේද?.. උඹ හිරගෙදර හදන්න එන්න එපා. හිරගෙවල් හදන්න උඹට බැහැ. හිර ගෙදරට කුඩු එන එක උඹට නවත්වන්න බැහැ. දෙන දෙයක් කාලා වෙන දෙයක් බලාගෙන ඉඳපන්. පොලිසියට ගියොත් බලාගන්නම්.” යනුවෙන් පවසා ඇති බවටයි එම නිලධාරියා ප්‍රකාශ කළේ.

සැකකරුවන් පළා යාමෙන් අනතුරුව එම නිලධාරියා සිද්ධිය සම්බන්ධයෙන් මිනුවන්ගොඩ පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර මිනුවන්ගොඩ රෝහලට ඇතුළුවී ඇත.

පසුව ඔහුව වැඩිදුර ප්‍රතිකාර සඳහා ගම්පහ රෝහලට අද (13) දහවල් මාරුකර යවා තිබෙනවා.

මේ සම්බන්ධයෙන් බන්ධනාගාර දෙපාර්තමේන්තුව අභ්‍යන්තර විමර්ශනයක් ආරම්භ කර ඇති අතර රාජ්‍ය බුද්ධි අංශය ද මේ පිළිබඳව විමර්ශනයක් සිදු කරනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මඩේ එරුණු හෙලිකොප්ටරය ගොඩගත්ත මෙහෙයුම
01:11
Video thumbnail
මා#රයා ඔළුව උඩ තියන් ජීවත්වන බලංගොඩ, කිරිදිගල මිනිස්සු.."ඉක්මනට යමු කට්ටියම මේ ගම දාලා"
07:06
Video thumbnail
කාළගුණය වෙනස්වෙද්දි,වන ලැහැබෙන් එළි බැස්ස ගමේ දඟකාරයා - "වීරා"..කැමරා ඇසට හසුවූ දුර්ලබ දසුන මෙන්න
04:27
Video thumbnail
මහ වැස්සෙන් පසු රාවණා දිය ඇල්ලේ පෙනෙන මනස්කාන්ත දසුන
01:09
Video thumbnail
මැගසින් බන්ධනාගාරයේ රැඳවියන්ට දිනක ලැබෙන කෑම වේල අවතැන්වූවන්ට දෙයි..එයාලගෙත් හිත් උණු වෙනවා
01:52
Video thumbnail
"වහාම හදිස්සි නීතිය යටතේ හඳුන්නෙත්තිව අත්අඩංගුවට ගන්න"මිහින්තලේ හිමි කුපිත වී ලෙසටම දෙසයි
03:49
Video thumbnail
"අපි සිප්පි කටු පස්සෙන් ගිය නිසා අපිට වාලම්පූරි මඟහැරුණා.."සමහරු එයාලගේ ප්‍රතිරූප ගොඩනඟා ගන්න දගලනවා
07:55
Video thumbnail
මහ වැස්සෙන් පසු රාවණා දිය ඇල්ලේ පෙනෙන මනස්කාන්ත දසුන..දැකපු දෙස් විදෙස් අයත් මවිත වුණ දේ
01:33
Video thumbnail
Kasthirama | "යළි ගොඩනැගෙන්නට සවිය අවැසි හෙට දවස" - කස්තිරම විශේෂ වැඩසටහන සජීවීව
01:25:26
Video thumbnail
මෙන්න කාළගුණයේ වෙන්න යන නොසිතූ වෙනස..අත්‍යවශ්‍ය වැඩවලට විතරක් එළියට යන්න
04:02


?