බන්ධනාගාර නිලධාරියෙකුට මරණ තර්ජන

කොළඹ නව මැගසින් බන්ධනාගාරයේ සේවයේ නියුතු නියාමකවරයෙකුට සහ ඔහුගේ මවට පහරදුන් සිද්ධියකට අදාළව මූලික විමර්ශනයක් ආරම්භ කර ඇති බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසනවා.

බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක අතිරේක බන්ධනාගාර කොමසාරිස් ජනරාල් චන්දන ඒකනායක මහතා සඳහන් කළේ ඊයේ (12) අලුයම හිස් ආවරණ සහිතව පැමිණි නාඳුනන පුද්ගලයන් 3 දෙනෙකු අදාළ නිලධාරියාගේ මිනුවන්ගොඩ නිවසේදී මෙම පහරදීම සිදුකර ඇති බවයි.

නිවසට බලහත්කාරයෙන් ඇතුළු වී බන්ධනාගාරය තුළ හෙරොයින් නැවැත්වීමට උත්සාහ නොකර රැකියාව සිදු කර ගන්නා ලෙසට පවසමින් සැකකරුවන් බන්ධනාගාර නියාමකවරයාට තර්ජනය කර ඇති බවටයි හෙළිවී ඇත්තේ.

එමෙන්ම ගිනි අවි එල්ල කර මරණ තර්ජන සිදුකර බන්ධනාගාර නියාමකවරයාට සහ මවට පහරදී සොහොයුරියගේ ජංගම දුරකථනය ද ඔවුන් පොළොවේ ගසා තිබුණා.

බන්ධනාගාර නිලධාරියා දණ ගස්වා මාංචු දමා එහි ඡායාරූප සහ වීඩියෝ දර්ශන ද ලබාගෙන සැකකරුවන් පලාගොස් ඇති බවයි වාර්තා වන්නේ.

අදාළ නිලධාරියා බන්ධනාගාරය තුළ සිදුවන හෙරොයින් ජාවාරම් සම්බන්ධයෙන් දැඩිව නීතිය ක්‍රියාත්මක කළ අයෙක් වන අතර ඒ හේතුවෙන් බන්ධනාගාරය තුළ සිටින රැඳවියෙකුගේ උපදෙස් මත මෙය සිදුවී ඇති බවට පොලිසිය සැක කරනවා.

කොළඹ නව මැගසින් බන්ධනාගාරයේ විනය අංශයේ තරුණ නියාමකවරයෙකු වන මෙම නිලධාරියාගේ නිවසට ඊයේ අළුයම 4ට පමණ එම සැකකරුවන් යතුරුපැදියකින් පැමිණ ඇති බව වාර්තා වනවා.

එලෙස පැමිණි අයෙක් අදාළ නිලධාරියාගේ නිවසේ දොරට තට්ටු කරමින් මහත්තයා දොර අරින්න යනුවෙන් පැවසූවිට අදාළ නිලධාරියාගේ මව දොර විවෘත කර ඇති බවටයි හෙළිවන්නේ.

ඒ සමගම අදාළ නිලධාරියා කාමරයක් තුළ සිට පිටතට පැමිණ ඇති අතර නිවසට ඇතුළුවූ තිදෙනා ඔහුට පහරදී ZIP TIE පටියක් දෙඅත්වලට දැමීමට උත්සාහ දරා තිබේ.

එය ව්‍යාර්තවීම හේතුවෙන් ඔවුන්ගෙන් අයෙක් තමා හිසට ගිනි අවියක් තබා මරණ තර්ජනය කළ බවටයි බන්ධානාගර නියාමකවරයා පොලිසියට පවසා ඇත්තේ.

අනතුරුව මැරයින් තිදෙනා අදාළ නිලධාරියාට මෙලෙස පවසා ඇතැයි සඳහන්.

“උඹට හිරගෙදරම ගල්නේද?.. උඹ දැන් අපි ඉස්සරහත් ගල්වෙලා නේද?.. උඹ හිරගෙදර හදන්න එන්න එපා. හිරගෙවල් හදන්න උඹට බැහැ. හිර ගෙදරට කුඩු එන එක උඹට නවත්වන්න බැහැ. දෙන දෙයක් කාලා වෙන දෙයක් බලාගෙන ඉඳපන්. පොලිසියට ගියොත් බලාගන්නම්.” යනුවෙන් පවසා ඇති බවටයි එම නිලධාරියා ප්‍රකාශ කළේ.

සැකකරුවන් පළා යාමෙන් අනතුරුව එම නිලධාරියා සිද්ධිය සම්බන්ධයෙන් මිනුවන්ගොඩ පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර මිනුවන්ගොඩ රෝහලට ඇතුළුවී ඇත.

පසුව ඔහුව වැඩිදුර ප්‍රතිකාර සඳහා ගම්පහ රෝහලට අද (13) දහවල් මාරුකර යවා තිබෙනවා.

මේ සම්බන්ධයෙන් බන්ධනාගාර දෙපාර්තමේන්තුව අභ්‍යන්තර විමර්ශනයක් ආරම්භ කර ඇති අතර රාජ්‍ය බුද්ධි අංශය ද මේ පිළිබඳව විමර්ශනයක් සිදු කරනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ලබන වසරේ ඉදලා IMF එකෙන් මිදිලා අපිට ස්වාධීන ගමනක් හිමිවෙනවා - සුනිල් සෙනෙවි හෙළිකරයි
05:57
Video thumbnail
අපි රටක් හැටියට ඉන්නේ ඉතාම දුර්වල තැනක - රටේ සෘජු විදේශ ආයෝජන ඉතාම දුර්වල තැනක තියෙන්නේ
04:16
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි - වැරදි නෑ සර් මගේ Wife..එයා එහෙම නෑ
01:32
Video thumbnail
චතුරංග එදා මාධ්‍යයට ඇවිත් කඳුළු පෙරාගෙන ඇඩුවා - කබරගොයා තලගොයා කරගන්න න්‍යායක ඉන්නේ
06:40
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්.. එක් අයෙක් එතනම එළොව යයි - මෙන්න එහි සංවේදී දර්ශන
02:20
Video thumbnail
බස් එකක් විවෘත කරන්න ජනාධිපති යන්න තරම් පහතට වැටිලා - ජනාධිපති දේශපාලනිකව අසරණවෙලා
04:21
Video thumbnail
දැඩි ආරක්ෂාවක් මැද උසාවියට ගෙන ආ ශිරාන් බාසික් - වටේටම STF එකෙන් දාලා
02:30
Video thumbnail
වස විස නැති පලතුරු කඩවලට රජයෙන් සහතිකයක් - කඩ සිතියම් ගතකරයි
03:23
Video thumbnail
යෝෂිතගේ ලක්ෂ 730ක ඉඩම් නඩුව කල්යයි - හිනාවකුත් දාගෙන ගැම්මට ආපු හැටි
01:16
Video thumbnail
නි.ආරක්ෂක ඇමතිට බංකු අරගෙන ඇවිත් අපෙන් ආ‍රක්ෂාව ගැන උපදෙස් ගන්නවෙලා
08:03