බන්ධනාගාරයේදී සියදිවි නසා ගත් රැඳවියාට කොවිඩ්

ගාල්ල බන්ධනාගාරයේ දී ගෙල වලලාගෙන මියගිය රැඳවියෙකු කොවිඩ් ආසාදිතයෙකු ලෙස හඳුනාගෙන තිබේ.

අදාළ රැඳවියා ගාල්ල බන්ධනාගාරය තුළ වෙනමම සිරමැදිරියක රඳවා සිට ඇති අතර ඔහු මියගොස් තිබුණේ සිරමැදිරිය තුළදී රෙදි පටියක ආධාරයෙක් ගෙල වැලලාගෙනය.

අනතුරුව ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ දී සිදුකළ පී.සී.ආර් පරීක්ෂණයකදී ඔහු කොවිඩ් ආසාදිතයෙකු ලෙස හඳුනාගෙන ඇති බව ගාල්ල බන්ධනාගාර ප්‍රකාශකයෙකු සඳහන් කළේය.

මෙලෙස මියගොස් ඇත්තේ 50 හැවිරිදි තෙල්වත්ත ප්‍රදේශයේ පදිංචිව සිටි රැඳවියෙකු වන අතර ඔහුගේ පළමු පෙළ ආශ්‍රිතයින් තිදෙනෙකු නිරෝධායනය සඳහා යොමුකර ඇති බව ද එම ප්‍රකාශකයා සඳහන් කළේය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !