AFC Banner
Empty Ad
Empty Ad

Update – බදු ලිපි ගොනු ගැන රජයෙන් විශේෂ තීරණයක්

ජනවාරි මස පළමු වැනිදා සිට වාහන ලියාපදිංචි කිරීමේ දී, ආදායම් බලපත්‍ර ලබාගැනීමේ දී සහ දේපළ මිලට ගැනීමේ දී බදු ලිපි ගොනුවක් විවෘත කිරීමට ගෙන තිබූ තීරණය මාසයකින් පමණ කල් දැමීමට රජය තීරණය කර තිබෙනවා.

කෙසේ වෙතත් ඉතා සරල ක්‍රමවේදයක් ඔස්සේ මාර්ගගතව ඕනෑම පුද්ගලයකුට බදු ගොනුවක් විවෘත කිරීමේ හැකියාව පවතින බවයි මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසන්නේ.

එම ලියාපදිංචිවීම කිසිම ආකාරයෙන් අනිවාර්යයෙන් ආදායම් බද්දට යටත් වීමක් නොවන බවයි රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

රුපියල් ලක්ෂයකට වඩා වැඩි ආදායමක් ලබන්නේ නම් පමණක් මෙම බද්දට යටත්වන බවයි ඔහු පැවැසුවේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
4
+1
9
+1
6
+1
3
+1
5
+1
5
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?