බදු මුදල් ගෙවීම අසීරු නම් නීතියේ පිහිට ලබන්න – මුදල් රාජ්‍ය අමාත්‍ය

බදු මුදල් නොගෙවා එය පැහැර හැරි පුද්ගලයින් සහ කල් ගිය බදු මුදල් අය කරගැනීම සම්බන්ධයෙන් මේ වනවිට (16) රජය සිය අවධානය යොමු කර ඇති බව මුදල් පිළිබඳ රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසනවා.

මේ පිළිබඳ ව නව බදු අයකර ගැනීමට පූර්වයෙන් ක්‍රියාත්මක විය යුතු බවයි මුදල් රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ.

බදු මුදල් පිළිබඳ ව දැනට පවත්නා නීති යාවත්කාලීන කර, පැහැර හැර ඇති බදු මුදල් අය කරගැනීම සඳහා සුවිශේෂී වැඩපිළිවෙලක් දියත් කරන බව ද රාජ්‍ය අමාත්‍යවරයා කියා සිටියා.

යම් ආකාරයකින් තමන්ට බදු ගෙවීමේ අසීරුතාවක් ඇති නම්; ඒ පිළිබඳ ව අභියාචනා කිරීමට මෙන් ම ඒ පිළිබඳ ව නීති ආධාර ලබා ගැනීමට ද එම පුද්ගලයින්ට අවස්ථාවක් ඇති බවයි වාර්තා වන්නේ.

එමෙන්ම බදු ගෙවීමට යටත් වන්නේ මසකට රුපියල් ලක්ෂයකට වැඩි ශුද්ධ ආදායමක් ඇති අයෙක් පමණක් බවත්, ඔහු වෙනත් තැනකින් බදු ගෙවීමක් කර ඇත්නම් නැවත ඔහු බදු මුදල් නො ගෙවිය යුතු බවත් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය වැඩිදුරටත් සඳහන් කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
21ට කළින් එළියට එන පාස්කු රහස් - CCTV දර්ශනත් මිසින් - මොනවද ඒවගේ තිබ්බේ
40:43
Video thumbnail
නුවර එළිය පිස්සු වැටුණු සෙනඟ මෙන්න - ගියාට කමක් නෑ වනසලා එන්න නම් එපා
04:10
Video thumbnail
සංගීත ප්‍රසංගය 10.30 නතර කරන්න කියපු නිසා ප්‍රේක්ෂකයෝ පොලිසියේ කකුල් අල්ලලා වැඳ වැටෙයි
07:17
Video thumbnail
නවසීලන්තේ යවනවා කියලා මිනිස්සු රවට්ටලා මහාචාර්යවරියක් ගහපු ගේම් එක මෙන්න
05:57
Video thumbnail
විදුලිබල මණ්ඩලයේ සභාපතිට මණ්ඩලය දුන්නා කියන්නේ නරියට කුකුල් කූඩුව භාර දුන්නා වගේ වැඩක්
06:41
Video thumbnail
හඬා වැටෙමින් පිල්ලයාන් කියපු තවත් දේවල් මෙන්න
19:26
Video thumbnail
පිල්ලයාන් කියන්නේ දේශප්‍රේමියෙක් - රහස් රැසක් එළියට ආ මාධ්‍ය හමුව
38:51
Video thumbnail
සජබය ආණ්ඩුවට සැරටම දෙහි කපයි - අපිට ගොඩක් දුකයි මේ වැඩවලට
06:19
Video thumbnail
පෝය දෙකයි - අපි දෙන්නම් උපකාරක පංති - ඇමති තෝ කොහෙද බොල ඉන්නේ
03:59
Video thumbnail
පිල්ලයාන්ගේ නීතිඥයා දැන් ගම්මන්පිල - මේවට තමයි කුමන්ත්‍රණ කියන්නේ
08:21

?