බදු මුදල් ගෙවීම අසීරු නම් නීතියේ පිහිට ලබන්න – මුදල් රාජ්‍ය අමාත්‍ය

බදු මුදල් නොගෙවා එය පැහැර හැරි පුද්ගලයින් සහ කල් ගිය බදු මුදල් අය කරගැනීම සම්බන්ධයෙන් මේ වනවිට (16) රජය සිය අවධානය යොමු කර ඇති බව මුදල් පිළිබඳ රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසනවා.

මේ පිළිබඳ ව නව බදු අයකර ගැනීමට පූර්වයෙන් ක්‍රියාත්මක විය යුතු බවයි මුදල් රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ.

බදු මුදල් පිළිබඳ ව දැනට පවත්නා නීති යාවත්කාලීන කර, පැහැර හැර ඇති බදු මුදල් අය කරගැනීම සඳහා සුවිශේෂී වැඩපිළිවෙලක් දියත් කරන බව ද රාජ්‍ය අමාත්‍යවරයා කියා සිටියා.

යම් ආකාරයකින් තමන්ට බදු ගෙවීමේ අසීරුතාවක් ඇති නම්; ඒ පිළිබඳ ව අභියාචනා කිරීමට මෙන් ම ඒ පිළිබඳ ව නීති ආධාර ලබා ගැනීමට ද එම පුද්ගලයින්ට අවස්ථාවක් ඇති බවයි වාර්තා වන්නේ.

එමෙන්ම බදු ගෙවීමට යටත් වන්නේ මසකට රුපියල් ලක්ෂයකට වැඩි ශුද්ධ ආදායමක් ඇති අයෙක් පමණක් බවත්, ඔහු වෙනත් තැනකින් බදු ගෙවීමක් කර ඇත්නම් නැවත ඔහු බදු මුදල් නො ගෙවිය යුතු බවත් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය වැඩිදුරටත් සඳහන් කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
'අපේ ආණ්ඩුව' 'වසර දෙකයි - රටට සුබයි' | ගොවි රැලිය
00:00
Video thumbnail
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවත්වන ජන සටන
00:00
Video thumbnail
වෙ# තියලා මැ#වත් අපි බය නෑ - මාරසිංහ ගාව හිටිය පොඩි කොල්ලා මම - වාරුව ගන්න අවු:40ක් බලාගෙන හිටියා
03:48
Video thumbnail
නාමල්ව ජනාධිපති කරලා මිසක් අපි පස්සට යන්නේ නෑ
02:34
Video thumbnail
පොහොට්ටු රැළියේ සෙනඟ වැඩි නිසා කණුවක් උඩට නැග්ග තරුණයෝ
00:32
Video thumbnail
පොහොට්ටුවේ අනුරපුරේ බලය පෙන්නද්දී මාලිමාව පොළොන්නරුවේ වැඩ පෙන්නයි
01:34
Video thumbnail
අර්චුනාත් පොහොට්ටුවේ වේදිකාවට ගොඩවෙයි
02:48
Video thumbnail
අපි මොන සෙල්ලම් දැම්මත් ඔබේ හයිය නැත්තම් අපිටත් හයිය නෑ - පොහොට්ටුවේ පළමු වෙ# මුරය මේක
03:13
Video thumbnail
අනුර කුමාර ඇවිල්ලා බලපන් - උඹේ පචවලට උත්තර දෙන්න අපි සූදානම්
01:21
Video thumbnail
නාමල්ව ජනාධිපති කරලා තමයි අපි නවතින්නේ
01:38