බත් පිඟාන එක්ක නොමිලේ ම ලැබුණු කැරපොත්තා – කඩහිමියාට එරෙහිව නෛතික පියවර

හැටන් නගරයේ ආපණශාලාවකින් ආහාරයට ගත් බත් පිඟානක මියගිය කැරපොත්තෙකු සිටීමේ සිදුවීමකට එරෙහිව එම කඩහිමියාට නඩු පවරා තිබෙනවා.

මෙම සිදුවීම වාර්තා වන්නේ හැටන් නගර මධ්‍යයේ පිහිටි ආපණශාලාවකින්.

මෙකී අප්‍රසන්න සිදුවීම ඊයේ (21) දින සිදු ව ඇති අතර සිදුවීම ගැන පාරිභෝගිකයා විසින් මහජන සෞඛ්‍ය පරීක්ෂවරුන්ට දන්වා තිබෙනවා.

ඒ අනුව හැටන් මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ මේ මස 31 වැනි දින නඩු පැවරීමට කටයුතු කරන බවයි
දික්ඔය නගර සභාවේ මහජන සෞඛ්‍ය පරික්ෂක සෞන්දර් රාගවන් මහතා පැවසුවේ.

දිවා ආහාරය ලබා ගනිමින් සිටියදී පිඟානේ මියගිය කැරපොත්තෙකු සිටීම සම්බන්ධයෙන් ආපණශාලාවේ සේවකයන්ට දැනුම් දුන් නමුත් ඒ සම්බන්ධයෙන් ඔවුන් කිසිදු තැකීමක් නොකළ බවත් පාරිභෝගිකයා චෝදනා කරනවා.

ඉන් අනතුරුව ඔහු විසින් පොලිස් හදිසි ඇමතුම් ඒකකය (119) වෙත දැනුම්දී පැමිණිලි කර ඇති බවයි වාර්තා වන්නේ.

ඒ අනුව එම ආපණශාලාව අපිරිසිදුව පවත්වාගෙන යාම ඇතුළු චෝදනා හතරක් යටතේ එහි හිමිකරුට හැටන් මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ නෛතික පියවර ගැනීමට කටයුතු කරනු ඇති.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
1
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අද දහවල් පස්සරට මහා වර්ෂාවක් ඇඳ හැලුණු හැටි මෙන්න
01:22
Video thumbnail
ආණ්ඩුවට මේ පාදඩයා එක්ක තියෙන සම්බන්ධය මොකක්ද ? අගමැතිතුමිය ලැජ්ජා වෙන්න ඕනි
06:22
Video thumbnail
ශානි අබේසේකර ගෙදර යන්න
07:15
Video thumbnail
ගම්මන්පිලට යකා ආරූඪ වෙයි"මේක මගේ පොත නෙවෙයි..ව්‍යාජ එකක්"..රහස් පොලිසිය බුද්ධිමය දේපළ හොරකම් කරලා
06:03
Video thumbnail
ඩිල්කා, සුදාගෙන් මිලියන 100ක් ඉල්ලයි - Australia පොලිසියටත් පැමිණිලි
05:03
Video thumbnail
GMOA එකෙන් ඇමති නලින්දට අභියෝගයක්..ප්‍රථමයෙන්ම පැමිණිලි කරන්න ඕනි ඔයාට විරුද්ධව
11:01
Video thumbnail
මිනිස්සුන්ට බොන්න වතුරත් නැතිකරපු ආණ්ඩුවක් මේක
06:23
Video thumbnail
යතුරුපැදිකරු බරපතළ කළ බිහිසුණු අනතුර..බයික් එක කුඩේ කුඩු
01:04
Video thumbnail
විපක්ෂයට වෙන කියන්න දෙයක් නැති නිසා ගල් අඟුරු ගැන කියවන්නේ
05:03
Video thumbnail
විදුලි බිල 50%වත් වැඩි කරන්න ඕනිලු..ජනාධිපතිතුමා වැඩ බැරි ඇමතිලා ගෙදර යවන්න
01:47