බත් පිඟාන එක්ක නොමිලේ ම ලැබුණු කැරපොත්තා – කඩහිමියාට එරෙහිව නෛතික පියවර

හැටන් නගරයේ ආපණශාලාවකින් ආහාරයට ගත් බත් පිඟානක මියගිය කැරපොත්තෙකු සිටීමේ සිදුවීමකට එරෙහිව එම කඩහිමියාට නඩු පවරා තිබෙනවා.

මෙම සිදුවීම වාර්තා වන්නේ හැටන් නගර මධ්‍යයේ පිහිටි ආපණශාලාවකින්.

මෙකී අප්‍රසන්න සිදුවීම ඊයේ (21) දින සිදු ව ඇති අතර සිදුවීම ගැන පාරිභෝගිකයා විසින් මහජන සෞඛ්‍ය පරීක්ෂවරුන්ට දන්වා තිබෙනවා.

ඒ අනුව හැටන් මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ මේ මස 31 වැනි දින නඩු පැවරීමට කටයුතු කරන බවයි
දික්ඔය නගර සභාවේ මහජන සෞඛ්‍ය පරික්ෂක සෞන්දර් රාගවන් මහතා පැවසුවේ.

දිවා ආහාරය ලබා ගනිමින් සිටියදී පිඟානේ මියගිය කැරපොත්තෙකු සිටීම සම්බන්ධයෙන් ආපණශාලාවේ සේවකයන්ට දැනුම් දුන් නමුත් ඒ සම්බන්ධයෙන් ඔවුන් කිසිදු තැකීමක් නොකළ බවත් පාරිභෝගිකයා චෝදනා කරනවා.

ඉන් අනතුරුව ඔහු විසින් පොලිස් හදිසි ඇමතුම් ඒකකය (119) වෙත දැනුම්දී පැමිණිලි කර ඇති බවයි වාර්තා වන්නේ.

ඒ අනුව එම ආපණශාලාව අපිරිසිදුව පවත්වාගෙන යාම ඇතුළු චෝදනා හතරක් යටතේ එහි හිමිකරුට හැටන් මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ නෛතික පියවර ගැනීමට කටයුතු කරනු ඇති.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
1
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සජිත්ට ඇයි මේ අවුරුදු කටේ තරහා ගිහිං
Video thumbnail
ගම අපිට සුද්ද කරලා දෙන්න කොහොමහරි ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අපි අයින් කරන්නම්
04:49
Video thumbnail
තංගල්ල පොලිසිය ගහපු සුපිරි ගේම් එක මෙන්න
01:01
Video thumbnail
තංගල්ල පොලිසිය ගහපු සුපිරි ගේම් එක මෙන්න
02:30
Video thumbnail
රෝහණ බණ්ඩාර හදිසියේ මාධ්‍ය කැඳවයි - බටලන්ද ගෙනල්ලා පටි රෝල් නේද
17:56
Video thumbnail
පරණ අවුරුද්දේ හද කම්පා කළ සිද්දිය
02:05
Video thumbnail
දැන් තුනත් නෑ - හෙල්ලෙන්නෙත් නෑ - අපිලගේ සාදු අද කතරගම හොල්ලයි
04:51
Video thumbnail
කොළඹ රන් කරපු ගමේ කොල්ලෝ කෙල්ලෝ ඔක්කොම අවුරුද්දට ගමේ ගිහිං
09:38
Video thumbnail
අවුරුදු නැකත් වැරදියි - මාධ්‍ය කැඳවයි - නැකත් නිසා අවුරුදු හබක් වෙයිද ?
18:53
Video thumbnail
කොටහේන වෙ# තැබීමේ නවතම දර්ශන - සැකකරු තවම මිසින් පොලිසිය කොළඹ පීරයි
03:43

?