AFC Banner
AFC Banner
Empty Ad

බත්, කොත්තු, ටී, ප්ලේන් ටී මිල ගණන් පහළට

ආහාරපාන වර්ග කිහිපයක මිල ගණන් පහළ දැමීමට ආපනශාලා හිමියන්ගේ සංගමය තීරණය කර තිබෙනවා.

ඒ, අනුව බත් පැකට්ටුවක, කොත්තුවක, කිරි තේ සහ ප්ලේන් ටී ඇතුළු ආහාරපාන වර්ග කිහිපයක මිල ගණන් මෙලෙස පහත දමන බවයි එම සංගමය වැඩි දුරටත් සඳහන් කළේ.

මෙලෙස පහත දමන මිල ගණන් සම්බන්ධයෙන් අනිද්දා (08) දිනයේ දී දැනුම් දීමට නියමිත බව ආපනශාලා හිමියන්ගේ සංගමයේ සභාපති අසේල සම්පත් සඳහන් කර සිටියා.

අමුද්‍රව්‍යවල මිල ගණන් පහළ යාම මෙම තීරණයට හේතු වී තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
113
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?