‘බණ්ඩි පොහොර’ මෙට්‍රික් ටොන් 41,678ක් රැගත් නැවක් කොළඹ වරායට

මියුරේට් ඔෆ් පොටෑෂ් හෙවත් ‘බණ්ඩි පොහොර’ මෙට්‍රික් ටොන් 41,678ක් රැගත් නෞකාවක් කොළඹ වරායට ළඟා වී තිබෙනවා.

කෘෂිකර්ම අමාත්‍යාංශය සඳහන් කළේ එම නෞකාවෙන් ගෙන ආ පොහොර තොගය ගොඩබෑමේ කටයුතු අද (03) දිනය තුළ දී සිදුකිරීමට නියමිත බවයි.

මෙම බණ්ඩි පොහොර මෙවර මහ කන්නයේ වී වගාව සඳහා බෙදාදීමටයි සැලසුම් කර ඇත්තේ.

මේ අතර යූරියා පොහොර මෙට්‍රික් ටොන් 16,000ක් රැගත් තවත් නෞකාවක් ද ශ්‍රී ලංකා මුහුදු තීරයට ළඟා වී තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?