spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

බඩ ඉරිඟු වගාවන් තුළ ගාංජා වගාකල සැකකරුවන් දෙදෙනෙකු මෙරට නිෂ්පාදිත ගිනි අවි 2ක් සමඟ අත්අඩංගුවට

කන්දකැටිය, මාලියද්ද ප්‍රදේශයේදී බඩ ඉරිඟු වගාවන් තුළ ඉතා සුක්ෂමව වගාකර තිබූ ගංජා හේන් 2ක් වටලා ගංජා පැළ 24ක්, වියළි ගංජා ග්‍රෑම් 100 ක් හා මෙරට නිෂ්පාදිත ගිනි අවියක් සමඟ සැකකරුවකුද, ගංජා පැළ 149ක් හා මෙරට නිෂ්පාදිත ගිනි අවියක් සමඟ සැකකරුවකුද අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඊයේ (12) කන්දකැටිය පොලිසියේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුවයි මෙම වැටලීම සිදුකර තිබුණේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 40 සහ 55ක් වූ මාලියද්ද, කන්දකැටිය ප්‍රදේශයේ පදිංචිකරුවන්.

සැකකරුවන් අද (13) දින මහියංගන මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

කන්දකැටිය පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදුකරයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?