ඩුබායි රාජ්‍යයේ සිට මත්ද්‍රව්‍ය ජාවාරම මෙහෙයවන සජිත් අකලංක නොහොත් කොස් මල්ලි නමැත්තා ගේ මෙරට මත්ද්‍රව්‍ය ජාවාරම සිදු කරන ප්‍රධාන සැකකරු සහ තවත් පුද්ගලයෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
සැකකරුවන් සමග රුපියල් ලක්ෂ තිහකට අධික වටිනා මත්ද්‍රව්‍ය ග්‍රෑම් 111 ක් ද අත්අඩංගුවට ගෙන ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.
බස්නාහිර පළාත් බුද්ධි කොට්ඨාසයට අනුයුක්ත ගල්කිස්ස පොලිස් කොට්ඨාසයේ විශේෂ කණ්ඩායමක් ලබා දුන් තොරතුරක් අනුව පොලිස් නිලධාරීන් වැටලීම සිදුකර සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත්තේ දෙහිවල කවුඩාන ප්රදේශයේදීයි.
අත්අඩංගුවට පත් බඩෝවිට ‘ගානා’ නැමැති පුද්ගලයා බඩෝවිට ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර ඔහු සහ ඔහුගේ සගයාට මත්ද්‍රව්‍ය ජාවාරම සම්බන්ධයෙන් නඩු කීපයක් අධිකරණයේ පවතින බව ද සඳහන්.
ඩුබායි සිට මෙහෙයවන සංවිධානාත්මක අපරාධ කල්ලියක ගෝලයකු බව කියන ගානා නමති සැකකරු මෙරට මත්ද්‍රව්‍ය බෙදාහැරීමේ නියත අයෙකු බව ද හෙළිවී තිබෙනවා.