බටලන්ද කොමිෂන් සභා වාර්තාව සභාගත කෙරේ (වීඩියෝ)

බටලන්ද කොමිෂන් සභා වාර්තාව අද (14) පාර්ලිමේන්තුවේ සභාගත කරනු ලැබුවා.

ඒ, සභානායක බිමල් රත්නායක විසින්.

මෙම වාර්තාව පාර්ලිමේන්තුව ඉදිරිපත් කරමින් සභානායක බිමල් රත්නායක සඳහන් කළේ අදාල වාර්තාව නීතිපතිවරයා වෙත යොමුකරන බවයි.

එමෙන්ම මෙම කොමිෂන් සභාවේ වාර්තාව පිළිබඳව ඉදිරි කටයුතු සිදුකිරීම සම්බන්ධයෙන් ජනාධිපති විශේෂ කමිටුවක් පත් කිරීමටත් තීරණය කර ඇති බව ද ඔහු සඳහන් කළා.

ඊට අමතරව මෙම වාර්තාව පිළිබඳව පාර්ලිමේන්තුවේ දින දෙකක විවාදයක් පැවැත්වීමට බලාපොරොත්තුවන බව ද සභානායකවරයා පවසා සිටියා.

එමෙන්ම මෙම කොමිෂන් සභා වාර්තාවේ සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි පිටපත් මන්ත්‍රීවරුන්ගේ සහ මාහජනතවගේ පරිශීලනය සඳහා මුද්‍රණය කළ යතු බවට ද යෝජනාවක් සභානායක බිමල් රත්නායක විසින් සිදුකරනු ලැබුවා.

වැඩිදුරටත් පාර්ලිමේන්තුවේ දී අදහස් දක්වමින් ඔහු පැවසුවේ මෙම කොමිසමට අදාළ සාක්ෂි සහිත වෙළුම් 28ක් ඉදිරියේ දී පාර්ලිමේන්තුව ඉදිරිපත් කරන බවයි.

බටලන්ද කොමිෂන් සභා වාර්තාව අද (14) දිනයේ මෙලෙස පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවේ මෙම සතියේ සඳුදා අමාත්‍ය මණ්ඩල රැස්වූ අවස්ථාවේ දී ගනු ලැබූ තීරණයකට අනුවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පිරිත්, සිංදුවලින් කළුතර න.සභාවේ දී විපක්ෂේ මන්ත්‍රී වටේටම හොඳවැයින් අමතයි
03:43
Video thumbnail
මුජිබුර් පාර්ලිමේන්තුවේ ලෙසටම ෆයර්වෙයි.."කළුගගේ පීනුවා වගේ මුහුදේ පීනන්න බෑ.."
11:13
Video thumbnail
කතාව අස්සේ අර්චුනාට ආ කෑම ප්‍රශ්නය.."මොන මඟුල් පාර්ලිමේන්තුවක්ද මේක..කෑම නෑ පාර්ලිමේන්තුවේ
01:19
Video thumbnail
"මෙරට සිදුවූ සෑම ව්‍යසනයකදීම සාක්ෂිකාරයින් වුණේ පොලිසිය"වැටිච්ච තැනින් නැගිටින්න මේ හොඳම අවස්ථාව
10:21
Video thumbnail
විමල් වීරවංශ අපේ නායකයා හිටියනම් අද එක්කෝ ජනාධිපති නැත්තම් අගමැති වෙන්න තිබුණා
10:22
Video thumbnail
රෝහිණී පාර්ලිමේන්තුව දෙවනත් කරයි.."උද්#ච්චකම තියන් වැඩ කරන්න එපා Please"
09:17
Video thumbnail
කුකුල් කූඩුවකට රිංගූ සුදු නාගයෙකු දැඩි පරිශ්‍රමයක් දරා අල්ලාගත් හැටි.."මේකට ග#යි යකෝ ගනින් ගිහින්"
04:14
Video thumbnail
20 - 20 ලෝක කුසලානය තෙක් කණ්ඩායමේ නායකයා ලෙස දසුන් ශානකව පත්කරයි
03:05
Video thumbnail
ශාන්තිකර්මයක් කරන අස්සේ කපුවෙකුට‍ කිනිසි පෙන්නලා රත්තරං මංකොල්ල කෑ පුද්ගලයෙකුට වැඩ වරදියි
00:55
Video thumbnail
වැඩ තහනම් කෙරූ වෛද්‍ය බෙල්ලෙන බඩු මුට්ටුත් අකුලන් දොට්ට බහියී..රස්සාවක් නැතිවුණොත් මං හිඟා කනවා
02:13


?