බංග්ලාදේශ පාර්ලිමේන්තුව විරෝධතාකරුවන්ගේ යටතට – හමුදාවෙන් විශේෂ ප්‍රකාශයක්

බංග්ලාදේශයේ මේ වනවිට (05) ඇවිළෙමින් පවතින දැඩි ප්‍රචණ්ඩකාරී විරෝධතා හේතුවෙන් අද පස්වරුවේ එරට අගමැතිනි ලෙස කටයුතු කළ ෂීක් හසීනා සිය ධුරයෙන් ඉවත් ව, හෙලිකොප්ටරයකින් සිය සහෝදරිය සමග ඉන්දියාව වෙත පලා ගොස් ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා කළා.

මෙවන් පසුබිමක් හමුවේ එරට මාධ්‍ය වාර්තා කර ඇත්තේ; විරෝධතාකරුවන් බංග්ලාදේශ පාර්ලිමේන්තුවට ඇතුල් වී එය නතු කරගෙන ඇති බවයි.

අද පස්වරුවේ අගමැතිනි හසීනා සිය ධුරයෙන් ඉවත් ව ඩකා අගනුවර ඇති සිය අග්‍රාමාත්‍ය නිල කාර්‍යාලයෙන් ආරක්ෂිත ව වෙනත් ස්ථානයක් කරා පිටත්ව ගිය බවයි පැවසුනණේ.

එවන් පසුබිමක දී එරට හමුදා ප්‍රධානී Wakeruz Zaman කියා සිටියේ තමන් ජාතිය ඇමතීමට සූදානම් බවයි.

ඔහු ජාතිය අමතමින් ඉදිරියේ දී අන්තර් වාර රජයක් බංග්ලාදේශයේ පිහිටුවන බවට කියා සිටියා.

රැකියා කෝටාවට එරෙහි විරෝධතා වශයෙන් මෙම උද්ඝෝෂණ මාලාව පසුගිය සති දෙක පුරාවට ම ආරම්භ වූ අතර ඊයේ (04) දිනය වන විට පොලිස් නිලධාරීන් ඇතුළු සිවිල් වැසියන් 90 දෙනෙකු ජීවිතක්ෂයට පත් ව තිබෙනවා.

එරට විරෝධතාකරුවන් ෂීක් හසීනාගේ ඩකා නුවර පිහිටි නිල නිවසට ඇතුල් ව එහි තිබූ වටිනා භාණ්ඩ සියල්ල ම කොල්ලාකා ඇති බවයි වාර්තා වන්නේ.

මීට අමතර ව ඩකා හි එක් කොටසක ඉදිකර ඇති ෂීක් හසීනාගේ පියා වන ඩකා ප්‍රාන්ත නිර්මාතෘ මුජිබර් රහ්මාන්ගේ ප්‍රතිමාවක් මතට නැග හිසට පොරවකින් පහර දෙන දර්ශන ද විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

ෂීක් හසීනාගේ පියා ඇතුළු පවුලේ බොහෝ පිරිසක් 1975 වර්ෂයේ එරට රජයේ කුමන්ත්‍රණයකින් සමූල ඝාතනය වූ පසුව ෂීක් හසීනා කලකට පසුව එරට බලයට දෙවරක් පත් වූ තැනැත්තියක් ලෙසයි ප්‍රසිද්ධ වන්නේ.

කෙසේවෙතත් හමුදා ප්‍රධානී ජෙනරාල් Waker-Uz-Zaman ජනතාවගෙන් ඉල්ලා සිටියේ පළමුව සන්සුන්ව සිටින ලෙසත්, ඉදිරි සති දෙක තුළ දී ඉතා ඉක්මනින් මියගිය සෑම අයෙකුට ම සාධාරණයක් සිදු කරන බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
1
+1
1
+1
3
+1
1
+1
1
+1
4
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ශානි අබේසේකර ගෙදර යන්න
07:15
Video thumbnail
ගම්මන්පිලට යකා ආරූඪ වෙයි"මේක මගේ පොත නෙවෙයි..ව්‍යාජ එකක්"..රහස් පොලිසිය බුද්ධිමය දේපළ හොරකම් කරලා
06:03
Video thumbnail
ඩිල්කා, සුදාගෙන් මිලියන 100ක් ඉල්ලයි - Australia පොලිසියටත් පැමිණිලි
05:03
Video thumbnail
GMOA එකෙන් ඇමති නලින්දට අභියෝගයක්..ප්‍රථමයෙන්ම පැමිණිලි කරන්න ඕනි ඔයාට විරුද්ධව
11:01
Video thumbnail
අනුරට බෑ කියලා උඩ ඉන්න දෙයියෝත් දන්නවා
06:23
Video thumbnail
යතුරුපැදිකරු බරපතළ කළ බිහිසුණු අනතුර..බයික් එක කුඩේ කුඩු
01:04
Video thumbnail
විපක්ෂයට වෙන කියන්න දෙයක් නැති නිසා ගල් අඟුරු ගැන කියවන්නේ
05:03
Video thumbnail
විදුලි බිල 50%වත් වැඩි කරන්න ඕනිලු..ජනාධිපතිතුමා වැඩ බැරි ඇමතිලා ගෙදර යවන්න
01:47
Video thumbnail
පෙරටුගාමීන් පාරට බැහැලා නගරයම දෙකක් කරයි..අපේ රට යුද පිටියක් වෙන එක නවත්තන්න බැහැ
07:45
Video thumbnail
මිහින්තලේ ප්‍රදේශයට දැඩි වර්ෂාපතනයක් ඇද හැලුනු හැටි මෙන්න
01:16