AFC Banner
Empty Ad
Empty Ad

බංග්ලාදේශ ක්‍රිකට්වල ලොකු පුටුවක වෙනසක්

බංග්ලාදේශ ක්‍රිකට් ආයතනයේ අධ්‍යක්ෂ සහ ක්‍රිකට් මෙහෙයුම් කමිටුවේ සභාපති ලෙස කටයුතු කළ ජලාල් යුනුස් එම තනතුරුවලින් ඉල්ලා අස් වී තිබෙනවා.

එරට ජාතික ක්‍රීඩා කවුන්සිලය විසින් ඉල්ලා අස්වන ලෙස ඔහුට කළ දැනුම්දීමකට අනුව මෙම තීරණය ගෙන ඇතිබවයි වාර්තා වන්නේ.

1980 දශකයේ වෘත්තීයමය වශයෙන් ක්‍රීඩා කළ හිටපු වේග පන්දු යවන්නෙකු වන ජලාල් 1990 දශකයේ අග භාගයේ සිට ක්‍රීඩා සංවිධායකවරයෙකු ලෙස කටයුතු කර තිබෙනවා.

ඔහු 2009 සිට අඛණ්ඩව බංග්ලාදේශ ක්‍රිකට් ආයතනයේ වැදගත් භූමිකාවන් කිහිපයකම කටයුතු කල අයෙක්.

ජලාල් යුනුස් 2021 වසරේ දෙසැම්බර් මාසයේ දී ක්‍රිකට් මෙහෙයුම් ප්‍රධානියා බවට පත් වුණා.

ඉල්ලා අස්වූ ජලාල් වෙනුවට බංග්ලාදේශ ක්‍රිකට් ආයතනයේ අධ්‍යක්ෂවරයා ලෙස පත්කරන පුද්ගලයා සම්බන්ධයෙන් තවමත් එරට ජාතික ක්‍රීඩා කවුන්සිලය විසින් නිල වශයෙන් දැනුම්දීමක් සිදුකර නැහැ.

කෙසේ වෙතත් 58 හැවිරිදි හිටපු බංග්ලාදේශ නායක සහ දෙවරක් ප්‍රධාන තේරීම් කමිටු සභාපති ලෙස කටයුතු කළ ෆාරුක් අහමඩ් එම තනතුර සඳහා පත්වීමට බොහෝ විට ඉඩකඩ පවතින බවයි වාර්තා වන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
4
+1
1
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?