බංග්ලාදේශ ක්‍රිකට්වල ලොකු පුටුවක වෙනසක්

බංග්ලාදේශ ක්‍රිකට් ආයතනයේ අධ්‍යක්ෂ සහ ක්‍රිකට් මෙහෙයුම් කමිටුවේ සභාපති ලෙස කටයුතු කළ ජලාල් යුනුස් එම තනතුරුවලින් ඉල්ලා අස් වී තිබෙනවා.

එරට ජාතික ක්‍රීඩා කවුන්සිලය විසින් ඉල්ලා අස්වන ලෙස ඔහුට කළ දැනුම්දීමකට අනුව මෙම තීරණය ගෙන ඇතිබවයි වාර්තා වන්නේ.

1980 දශකයේ වෘත්තීයමය වශයෙන් ක්‍රීඩා කළ හිටපු වේග පන්දු යවන්නෙකු වන ජලාල් 1990 දශකයේ අග භාගයේ සිට ක්‍රීඩා සංවිධායකවරයෙකු ලෙස කටයුතු කර තිබෙනවා.

ඔහු 2009 සිට අඛණ්ඩව බංග්ලාදේශ ක්‍රිකට් ආයතනයේ වැදගත් භූමිකාවන් කිහිපයකම කටයුතු කල අයෙක්.

ජලාල් යුනුස් 2021 වසරේ දෙසැම්බර් මාසයේ දී ක්‍රිකට් මෙහෙයුම් ප්‍රධානියා බවට පත් වුණා.

ඉල්ලා අස්වූ ජලාල් වෙනුවට බංග්ලාදේශ ක්‍රිකට් ආයතනයේ අධ්‍යක්ෂවරයා ලෙස පත්කරන පුද්ගලයා සම්බන්ධයෙන් තවමත් එරට ජාතික ක්‍රීඩා කවුන්සිලය විසින් නිල වශයෙන් දැනුම්දීමක් සිදුකර නැහැ.

කෙසේ වෙතත් 58 හැවිරිදි හිටපු බංග්ලාදේශ නායක සහ දෙවරක් ප්‍රධාන තේරීම් කමිටු සභාපති ලෙස කටයුතු කළ ෆාරුක් අහමඩ් එම තනතුර සඳහා පත්වීමට බොහෝ විට ඉඩකඩ පවතින බවයි වාර්තා වන්නේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මේක ආණ්ඩුව ගන්න අවසාන සංශෝධනය ? වැරදි තැනට අත තිබ්බේ - වන්දි ගෙවන්න වෙනවා
03:06
Video thumbnail
දැන් ගෙදර ඉන්න බල්ලටත් කෙ#වෙලා - JBL එක දාලා සිංදුවක් අහන්න බෑනේ..මළකෙළියයි
02:27
Video thumbnail
රෝහිත ආණ්ඩුවට දෙයි හොඳම පදෙන් - පරාජය එනකොට බුරුතු පිටින් යන්නේ
09:49
Video thumbnail
22ට විරුද්ධ වුණ නීතිඥයින් හැමෝම සජබයෙද ?ඔයාලා ඔච්චර කළබල වෙන්න එපා
09:11
Video thumbnail
අර්චුනා පාර්ලිමේන්තුවේ කළ පැමිණිල්ල - ධීවර ඇමති මට තිත්ත කුණුහරුපෙන් මට බැන්නා
01:03
Video thumbnail
පංති ගිය ළමයා අතුරුදන්..දැන් දින 7ක් කිසිම තොරතුරක් නෑ
01:48
Video thumbnail
මාර්ගය හරහා මාරුවෙන අමුත්තො
00:38
Video thumbnail
සරුවට වැඩුණු ගංජා හේන් දෙකක් කොටුකළ මෙහෙයුම
01:01
Video thumbnail
ඉන්දුනීසියානුවන්ගේ ජීවිත රැකගත් නාවික හමුදා මෙහෙයුම
00:38
Video thumbnail
ඔරිජිනල් හරිනි දැන් ගෙදර..පාර්ලිමේන්තුවට ඇවිත් ඉන්නේ භූත ආත්මය - භූත ආත්මය බයවෙලා
04:05